52

183 46 70
                                    

වර්තමානය.

Xiao Zhan 

මම ඇහැරුනේ ෆෝන් එකේ alarm එක වදින සද්දෙට. මට පිස්සු හැදිලා වෙන්න ඇති ඊයේ රෑ alarm එක තියලා නිදා ගත්තෙ අද වැඩකුත් නැතුව. මම ෆෝන් එක දිහා නොබලම ඒක ඕෆ් කලා. ආයෙත් ඇස් පියවෙන කොටම දෙවැනි වතාවටත් alarm එක වැදුනා.. ඒ පාරත් ෆෝන් එක දිහා නොබලම ඒක off කලත් මම නින්දෙන් අවදි වුනා.
ඇදේ වාඩිවුන මම තාමත් නින්දේ ගිලී ඉන්න බොබෝගෙ එහෙට මෙහෙට වෙලා තියෙන බ්ලැන්කට් එක සකස් කලා.
නිදාගන්න කොට මගේ අත් අතරේ තුරුලු වෙලා නිදාගත්තට , නින්දේදි අපි දෙන්නා එක එක පැත්තට හැරිලා තිබුනා.

මෙන්න ආයෙමත් alarm එක වදිනවා ..මම ෆෝන් එක දිහා බලනකොට ඒ කෝල් එකක් , මගේ අම්මාගෙන්.

" මමා?? "
මම ඇදෙන් පැනලා කෝල් එක ගත්තෙ බොබෝව ඇහැරෙන්නෙ නැති වෙන්න .

" zhan zhan .. මම දෙපාරක්ම කෝල් කලා!! ඇයි කෝල් කට් කරන්නෙ?? "

අපොයි මම alarm එක කියලා මමාගෙ කෝල් එකද කට් කලේ..

" මමා.. මම නිදිමතේම කට් කරන්න ඇති.."

මමා ඒකට ටිකක් හිනාවුනා.

" යිබෝ කෝ ?? "

" එයා තාම නිදි මමා.."

" එයා හොදින්ද zhan zhan ?? ඔයාලා දෙන්නම හොදින්ද?? "
මමා අහනවා..

" අපි හොදින් මමා.."
මම එහෙම කිව්වට තත්ත්වය ඊට වෙනස් කියලා අම්මාට තේරෙනවා.

" පරිස්සමෙන් ඉන්‍න zhan zhan .. යිබෝව හොදින් බලාගන්‍න. මම උදෙන්ම කතා කලේ මම පොඩි දෙයක් එව්වා..දැන් delivery එකක් ඒවි.."

මමා ෆෝන් එක තිබ්බට පස්සේ මම ටිකක් වෙලා එහෙමම ස්ටූල් එකේ වාඩි වෙලා හිටියා.
ඊයේ shen yuan ට ලියපු ලියුමත් එක්ක පෝස්ට් එක මගේ weibo එකේ දාලා තිබුනෙ 20:18 time stamp එකට.. Love you yi bo..

ආදරය කරන කෙනා වෙනුවෙන් ජිවිතයත් පූජා කල Shen yuan ට ලියපු සමුගැනීමේ සටහනත් එක්ක මේ මර උගුලෙන් යිබෝව ගලවා ගන්‍න පුළුවන් පුංචි ආලෝකයක් මට පේන්න ගත්තා. 
පැය 24 ක් යනකල් යිබෝව අත්තඩංගුවට ගන්න එපා කියලා අපේ ලෝයර් කියලනෙ තියෙන්නෙ.
ඉතින් ඒ නිසා අද හවස් වරුව වෙනකොටත් අර kai min fen කාරයාව අල්ලා ගන්න බැරිවුනොත් මට plan එකක් තියෙනවා.
මම කොහොමවත් කොහොමවත් ..ඉඩ තියන්නෙ නෑ යිබෝව arrest කරන්න නම්!! 

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now