31

205 47 100
                                    

වර්තමානය.
Xiao Zhan

" xiao zhan , yang yang පොඩ්ඩක් එන්න. ඔයාලා දෙන්නා දැන ගන්න ඕන දෙයක් තියෙනවා."

නවකතාවෙ author  මටයි , yang yang ටයි කතා කලේ තුන් පාරක්ම අපි දෙන්නා කරපු සීන් එක හරියට ආවෙ නැති නිසා.
එයාලට ඒක සැටිස් නැති වුනාට මට වගේම yang yang ටත් හිතාගන්න බෑ මොකක්ද අපි කරපු හැටියේ වැරැද්ද කියලා.
කුමාරයො දෙන්‍නා බැන ගන්නවා , shen yuan කඩුව ඇදලා ගන්නවා . Jiahao මුකුත් නොකර බලා ඉන්නවා.
දෙන්නට දෙන්නා මූණ දිහා බලන් ඉන්නවා ටිකක් වෙලා. ඊට පස්සේ shen yuan කඩුව අකුලගෙන ආපහු යනවා. ඔච්චරයිනෙ.

ඒ වුනාට දැන් director සහ කතෘ දෙන්නම බොහොම සීරියස් මූඩ් එකකින් අපිට දෙයක් කියන්න ඇවිල්ලා.

" xiao zhan , yang yang.. ඔයාලා දෙන්නා නව කතාව බැලුවෙ නැද්ද? "

ඇත්තටම පොත ගෙන්වා ගත්තට බැරිවුනා ඒක බලන්න . කොහෙද අප්පා වෙලාවක්.
අපි දෙන්නම ඒක බැලුවෙ නෑ කියලා කිව්වා.

" කමක් නෑ. මේ කතාවෙ සැගවුනු දෙයක් තියෙනවා. මේකේ තියෙනවා අප්‍රකාශිත ප්‍රේමයක්"

" ඒ කිව්වේ ?? "

" ඒ කිව්වෙ , shen yuan එවපු ලියුම් ඔක්කොම ටික කුමාරියට ලැබෙන්නෙ නැතිවෙන්න jiahao ඒ ටික ඔක්කොම ගත්තනෙ . එයා ඒ කවි ඔක්කොම කියවලා Shen yuan කොයිතරම් ප්‍රේමණීය කෙනෙක්ද කියලා හිතෙනවා.එයාට නොදැනිම shen yuan ගැන ආදරයක් ඇති වෙනවා."

" මොකක්? ".
මායි , yang yangනුයි මූණට මූණ බලා ගත්තා.

" ඔව්ེ . Jiahao දන්නෙත් නෑ එයාගෙ හිතේ ආදරයක් ඇතිවෙලා කියලා . ඒත් බොහොම ලස්සන Shen yuan ආවට පස්සේ එයාට තේරෙනවා, තමන් shen yuan ට ආකර්ෂණය වෙනවා කියලා . එයා කුමරියට ආදරෙයි. ඒත් shen yuan ගැනත් feelings තියෙනවා"

" ඉතින් මේ සීන් එකේ ඔයාලා දෙන්නා නිකම්ම රණ්ඩු වෙනවා නෙවෙයි. පොඩ්ඩක් ඒ tension එක පෙන්වන්න ඕන දෙන්නට දෙන්නා ඇස් දෙක දිහා බලන් ඉන්න කොට"

දෙයියෝ සාක්කි.

" ඊට පස්සේ මොකද වෙන්නෙ කතාවෙ ඒ part එකට?? "

" jiahao ගැන shen yuan ගෙ හිතේ තියෙන්නෙ වෛරයක්.
Shen yuan , අර jade sword එක හොයන මෙහෙයුමට jiahao ව එකතු කරගන්නෙ අතරමගදී රහසේ මරාදාන්න හිතාගෙනනේ.
ඒත් ඒ මෙහෙයුමේදී එකිනෙකා ගැන අදුනගන්නකොට , ඒ අදහස වෙනස් වෙනවා . අවසානයෙ jiahao ව බේරාගන්න shen yuan ජීවිතය දෙනවා. "

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now