24

231 55 55
                                    

වර්තමානය.

.....රයන්........

අවුරුදු දාසයක් වන shen yuan කුමාරයා මාලිගාවේ උයන පැත්තට දුවගෙන එන්නේ එයාගෙ හොදම යාලුවා එක්ක. එයාලා තමන්ගේ දෙමව්පියන්ගේ කතාබහක් හොරෙන් අහන් ඉදලා තමයි මේ දුවගෙන එන්නේ..

" එහෙනම් ඒක ඇත්ත. Shen yuan , ඔබට කවදා හරි විවාහ කරගන්න වෙන්නේ Ming Lisha කුමරියව."
යාලුවා එහෙම කියනවා.

" ඔව්.. මගේ දෙමව්පියන් එලෙසයි පවසනවා ඇසුනේ , එසේ නොවේද?? "

" නමුත් ඔබ ඇය දැක තිබෙනවාද?? ඇය මදක් තරබාරු , අදුරු සමක් ඇති අවුරුදු දහතුනක් වන කුමරිය නේද??
මා පසුගිය පෝයට පෙර ඇයව දුටුවා ඇගේ මන්දිරයේ අශ්ව ගාලේදී. හිතන්න අශ්ව ගාල කුමරියක් සිටින ස්ථානයක්ද??
අනික ඇගේ පෙනුම?? මේ මින්ග් රාජධානියේ ඇයට වඩා සුන්දර යව්වනියන් කොයි තරම් ඉන්නවාද?? ඔබට නම් ඇය සුදුසු නැති බවයි මට සිතෙන්නෙ."
යාලුවාට ගොඩක් දේ තිබුනා කියන්න.

" එසේ නොකියන්න Lingyun. බාහිර පෙනුමෙන් කිසිවෙක් මනින්නට නොහැකියි. මා ඇය දැක කතා බස් කර තිබෙනවා. ඇය බාහිර ආටෝප නොමැති, හොද අදහස් ඇති නව යොවුන් කුමරියක් බවයි මට සිතුනේ. "
Shen yuan කුමාරයා එහෙම කිව්වා.

" Ok cut .. Cut. ."

" හොදයි.. ඒ සීන් එක හොදට ආවා first take එකෙන්ම..විනාඩි දහයක break එකකින් පස්සෙ ඊලග සීන් එකට යමු."
Director එහෙම කිව්වා.

Xiao Zhan අවුරුදු 16 ක කුමාරයෙක් විදිහට හැඩ ගන්වලා තිබුනා ලස්සනට. අවුරුදු තිස් ගාණක කෙනෙක් නේද මේ ඉන්නෙ කියලා හිතන්නත් බෑ. ඇත්තටම teenager කෙනෙක් වගේ.
කොහොමත් xiao zhan වයසට යන්නෙ නෑ.. එන්න එන්නම තරුණ වෙනවා කියලා තමයි එයාගෙ අලුත් ෆොටෝ එකක් කොහේ හරි දැක්ක ගමන් හසිනිත් මැරෙන්න හදන්නෙ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now