14

324 61 94
                                    

වර්තමානය.

- රයන් -

අදට යිබෝ Milan ගිහින් දවස් තුනයි. Chanel fashion show එකේ යීබෝගෙ ෆොටෝස් නම් වෙබ් එකේ පිරිලා.
අදින් එයාගෙ Chanel fashion week වැඩ ඉවර වේවි.
ඊට පස්සෙ එයා ඉතාලියේ Artani කියන මුහුදුබඩ නගරයට යයි , කාටවත් ඒ ගැන ආරංචි නොවෙන්න.
Milan වල ඉදන් එහේ යන්න Chanel වලින් private jet එකක් දෙනව කියල Lele කියලා අපේ බොස්ට. ඒක හොදයි.

මේ දවස් ටිකේ xiao zhan ගෙ I miss you cap එකත් එක්ක ෆොටෝ දිනපතාම ඉන්ටර්නෙට් එකේ ගියා. පලවෙනි දවසේ starbucks එකේ, ඊලගට shooting ඉවරවෙලා වාහනයට නගින කොට, ඊලග දවසේ ජිම් එක ලග .

internet එකේ ඒ ගැන සෑහෙන්න කතාව..
XFX , BXG ලා වගේම MTJJ ලාත් මේ i miss you කැප් එකේ තේරුම මොකක්ද කියලා එක එක දේ කියනවා.
මීට ටික දවසකට කලින් යීබෝ පෝස්ට් කරලා ඉක්මනින්ම delete කරපු වීඩියෝ එකේ සම්බන්ධයක් ඒකට තියෙනවද කියලත් හැමෝටම ප්‍රශ්නයක්.

.......

අද zhan ලෑස්ති වෙවී ඉන්නෙ එයාගෙ endorsement එකක් වන Li Ning වල live stream එකකට.

ඒකට zhan ට අදින්න stylist ලෑස්ති කරපු Li Ning එකේ ඇදුම hanger එකේ දාලා තියෙනවා දැකපු මගේ මූණ ඇඹුල් උනා.
කලිසමයි ශර්ට් එකයි දෙකම එක ජාතියේ printed material වලින් හදලා තිබුනෙ.

මට මතක් වුනේ බෙඩ්ශීට් එකක්.

" ඔයා මේක Xiao Zhan ට අදින්න දෙනවා කියලා මට කියන්න එපා . Li Ning වල වෙන කොච්චර ලස්සන ඇදුම් තියෙනවද? "
මම stylist ට කිව්වා.

" ඔයාට තේරෙන්නෙ නෑ. මේකයි අලුත්ම ඩිසයින් එක"
ඒකි මට කිව්වේ ටිකක් සැරෙන් වගේ.

මගෙ fashion sense එකත් බිංදුවයි තමයි, ඒක වෙනම කතාවක්.

හැබැයි ඇස්වහක් කටවහක් නෑ xiao zhan ඒක ඇන්දම මේ හැඩට තියෙන්නෙ .
හසිනි කියන කතාව ඇත්ත තමයි. Xiao Zhan ඕනම මෝඩ ඇදුමක් ඇන්දත් ලස්සනයි.

අපේ මැනේජර් Wu Chang ඇවිත් zhan ට කතාකලා.

" බොස්, Peng Chao හෙට පාර්ටි එකකට ආරාධනා කරලා තියෙනවා හවසට. "

" හදිසියේ ?? "

" නෑ නෑ. සති දෙකකටත් කලින් ආරාධනා කරල තිබුනේ .මම බොස්ට කිව්වා ඒක. අපි එන බවත් confirm කලානෙ."

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now