48

193 46 90
                                    

වර්තමානය.

Xiao zhan

යිබෝ මගේ අත් දෙක අතරෙ ගුලි වෙලා පපුවට හේත්තු වෙලා හිටියේ. අපි දෙන්නවම වැහෙන්න මම බ්ලැන්කට් එකක් දැම්මා. තුරුල් වෙලා හිටියත් හරි සීතලයි.
ඒත් ඇදුම් ඇදගන්නවත් , heater එක ඔන් කරන්නවත් නැගිටින්න කම්මැලියි.

" මුලින්ම කරන්න ඕන දේ හෙට Yibo official එකෙන් statement එකක් දාමු ඒ ෆොටෝ එක fake කියලා ..
මේක මුලින්ම දාපු සයිට් එකට නඩු දාමු.."

මම කිව්වේ යිබෝගෙ හිසකෙස් පිරිමදින ගමන්.

" එහෙම කරමු zhan ge.. උදේම අපේ ලෝයර් mr.lee ට කෝල් කරමු."

"ඔව් .. එහෙම කරමු.."

මම එයාගෙ හිස සිඹලා , ඇස් දෙක පියාගත්තෙ චුට්ටක් හරි නිදාගන්න ..

ඒත් , එයාගෙ ඇගිලි තුඩු වලින් මගෙ පපුවේ අදෘශමාන බලි කුරුටු ඇද ඇද හිටිය යිබෝ ආපහු කතා කලා.

" අනික් කවුරුත් මොනව හිතුවත් මට ගාණක් නෑ zhan ge.. ඔයා මොහොතකටවත් මා ගැන වැරදියට හිතපු නැති එක මට හොදටම ඇති.. "

ඒක ඇහිලා මගේ උගුරේ ගුලියක් හිර වෙනවා වගේ දැනුනා.. අනේ මම වගේ මෝඩයෙක්..
මොහොතකට හරි මෝඩයෙක් වගේ හැසිරිලා flight එකකුත් මිස් කරගත්තා කියලා එයා දන්නෙ නෑ. අනේ මට සමාවෙන්න යිබෝ.. ඒත් මට ඒක කියන්න බෑ. ඔයාගෙ හිත රිදෙයි.
ඒත් මට මේ දැනෙන වරදකාරී හැගීමෙන් මිදෙන්නෙ කොහොමද..

" මගෙ පැටියෝ.."
මම එයාව තවත් තදින් තුරුලු කරගෙන ආයෙමත් හිස සිම්බා..
" දැන් අපි චුට්ටක් හරි නිදාගමු හොදේ.."

" හා හරි zhan ge.."
එයත් සැහැල්ලු හිනාවක් එක්ක මට තුරුලු වුනා.

.........❤️💚.........

2022 මැයි

Xiao Zhan

මේ දවස් වල යිබෝ pilot කෙනෙක් විදිහට රගපාන born to fly චිත්‍රපටියේ රූගත කිරීම් තියෙනවා Gansu වල.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now