28

217 51 96
                                    

වර්තමානය.
Xiao Zhan

" zhan ge.. ඔයා මේ දුවගෙන ආවෙ ඒ ගොසිප් එක නිසාද?? "
ගෙදර දොර අරින එක නවත්වලා එයා අහන්නෙ පුදුමයෙන් වගේ.

" ඔව්. මම හිතුවා ඔයා ඒකෙන් ගොඩක් අප්සෙට් වෙලා කියලා. මට අර මෝඩ interview සිද්ධිය මතක් වුනා. ඊට පස්සේ ඔයාගෙ ෆෝන් එකත් වැඩ කලේ නෑ. මම හිතුවෙ..මම හිතුවෙ ඔයා තරහ වෙලා කියලා. මාව block කරලා කියලා "
මම කියාගෙන කියාගෙන ගියේ ඇස් දෙක ආපහු තෙත් වෙද්දී ..

" zhan ge.. බබෝ... මේ අහන්න .මට අප්සෙට් ගියා තමයි ඒක දැකලා. මට ඔය වගේ ගොසිප් පේන්න බෑ. මට මාර තරහයි.
මොකද ඔයා මගේ නිසා.."

එයා මගේ ඇහේ තාමත් රැදිලා තිබුනු කදුලක් අතින් පිස දැම්මා..

" ඒ වුනාට මම ඒවා කීයටවත් ඇත්ත කියලා හිතන්නෙ නෑ. මම ඔයාව දන්නවනෙ zhan ge. මට ඔයාව විශ්වාසයි "

යිබෝගෙ ඒ වචන ටික ඇහුනා විතරයි මගේ හදවතේ තිබුන tension එක.. පීඩනය carbonated drink පිරුණු බෝතලයක මූඩියක් ඇරියා වගේ බුබුලු දදා පිටවෙලා ගිහින් සැණෙකින් මට මාරම සැහැල්ලුවක් දැනුනා.

මගේ බොබෝට මාව විශ්වාසයි..

ඒ සැනසීමයි , මගේ කොල්ලා ගැන දැනුන ආදරයයි අත් දෙකට අරන් මම එක පාරටම පැනලා බොබෝගේ බෙල්ල බදාගත්තේ එයාව සිපගන්‍න..
ඒ පැනපු පාරට මගේ කකුල් දෙකත් එයාගෙ ඉණ වටා දවටාගන්න තමයි මට ඕන උනේ.
හරි හරි..මම එයාටත් වඩා සෙන්ට්මීටර් කීපයක් උසයි තමයි. ඒ වුනාට කලින් අපි එහෙම කරලා තියෙනවනෙ. ඒ මොකටද කියලා අහන්න එපා ඉතින්.

ඒ වුනාට මේ පාර , යිබෝ මම මෙහෙම පනියි කියලා බලාපොරොත්තු නොවුනු නිසා හරි , එයා දොර අරින්න හදමින් ඉස්සරහ පඩිය උඩ හිටිය නිසා හරි ..අපි දෙන්නගේ බැලන්ස් එක නැතිවුනා.
යිබෝ අගුල ඇරලා තිබුන දොර තල්ලු වෙලා අපි දෙන්නවම ගේ ඇතුල පැත්තට වැටුනා...
මම ටක් ගාලා යිබෝගෙ ඔලුව යටින් අත්දෙක තියාගත්තේ එයාගෙ ඔලුව බිම වදින එක වලක්වන්න.

" අනේ ඔයා හොදින් නේද බොබෝ.."
එයා උත්තර නොදී හොදටම හිනා වෙනවා.

මාත් හිනාවෙලා එයාගෙ ලස්සන මූණ දිහා බලාගෙන හිටියා.
අපි දෙන්නම තාම වැටුනු විදිහටම බිම.
මගේ බැල්ම එයාගෙ දෙතොල් ලග නැවතිලා තියෙන බව දැක්ක බොබෝගේ හිනාව නැවතුනා.
ඊලගට එයා මගේ මූණ එයාගෙ අත් දෙකෙන්ම අල්ලාගෙන මාව සිපගන්න පටන් ගත්තා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now