45

178 46 49
                                    

වර්තමානය.

රයන්

" අපි දෙන්නගෙ ෆොටෝ එකක්?? "
Zhan ඇහුවෙ ඇහෙන නැහෙන හඩකින්. හරියට තමන්ටම කියා ගන්නවා වගේ..

" අපි තාම දැක්කෙ නෑ බොස්. Weibo ලොග් වෙන්න අමාරුයි තාම. අනික් දේ.. ඒක.. ඒක.. මේ..."
Wu chang කවදාවත් නැතුව ගොත ගැහුවා..

" ඒක මේ.. ම්ම්... ඔය දෙන්නගෙ Intimate photo එකක්ලු.."

ඒක ඇහෙනවත් එක්කම වාහනේ පැතිර ගියේ අපේ හදගැස්මත් ඇහෙන තරම් නිශ්ශබ්දතාවයක්.. කවුරුත් මුකුත් චලනයක් කලේ නෑ. Weibo ලොග් වෙන්න try කරකර හිටිය xin yi ත් ෆෝන් එක ඔබන එක නතර කලා.

" ඒත්.. ඒ කොහොමද?? එහෙම වෙන්න විදිහක් නෑ.."

නිහඩතාවය බිදිමින් කතා කලේ xiao zhan . කලින් වගේම එයාගෙ කටහඩ තමන්ටම කියාගන්න එකක් වගේ පහත් ස්වරයක් ගත්තා.

ආයෙත් සැරයක් පැතිර ගිය කෙටි නිශ්ශබ්දතාවයට පස්සෙ zhan කතා කලා..
" ඒ ෆොටෝ එක හොයා ගත්තද xin yi? "

" තාම නෑ බොස්..තාම weibo ලොග් වෙන්න බෑ.."

" හ්ම්ම්.. .ඒක හොයාගන්න බලන්න . මම යිබෝට කෝල් කරන්නම්."

Zhan යිබෝට කෝල් එකක් ගත්තා. ෆෝන් එක වැඩ කලේ නෑ.

" එයාගෙ ෆෝන් එක ඕෆ් කරලා ඇත්තෙ ..සින්දුවේ studio recording එක තාම ඉවර නැතුව ඇති."

ඊට පස්සේ zhan , lele ට ගත්තා.

" lele , යිබෝ කොහෙද??
ආ හරි..දැන්ද පටන්ගන්නෙ recording එක?? ......
ඒක ඉවර වෙලා මට කතාකරන්න කියන්න .."

Zhan ෆෝන් එක තිබ්බා.
" එයාලා තාම දන්නෙ නෑ. Studio එක ඇතුලට ගියාම ෆෝන් පාවිච්චියක් නෑනෙ .. එයාව කලබල කරන්නෙ නැතුව ඉන්න ඕනා recording එක ඉවර වෙනකල්..

Xiao zhan කිව්වේ සුසුමක් හෙලන ගමන්..

" ඔය කියන ෆොටෝ එක හොයාගන්න try කරන්න. අපේ ලෝයර්ට කෝල් කරන්න ඕන ඊලගට .."

" හොදයි බොස්"
xin yi ආයෙත් page එක refresh කරලා ලොග් වෙන්න හැදුවා.

මම හසිනිට කෝල් එකක් ගත්තා . ගිය පාර යිබෝ අර වීඩියෝ එක පෝස්ට් කරලා weibo එක stuck වුන වෙලාවෙ එයාට ලංකාවෙ ඉදන් ඒක බලන්න පුළුවන් වුනානෙ. මේකත් එයා දැක්කද දන්නෙ නෑ.
තාම ලංකාවෙ වෙලාව රෑ 8.30 යිනෙ .

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now