2

494 91 80
                                    

2020-ඔක්තෝම්බර්

මම XZ studio වල වැඩට ආවා.
Chagzhou වල Ace Troops රෑගත කරන තැනට. එන්න කලින් ඉතින් document වැඩ ගොඩක් තිබුනා. විශේෂම දේ NDA එක. ඒ කිව්වේ non disclosure agreement එක අත්සන් කරන්න ඕනා XZ studio එකේ වැඩට එන ඕනෑම එක්කෙනෙක් . ඒක ගොඩක් strict . ගිවිසුම කැඩුවොත් ලේසි නෑ.
( අනික් celebrities ලත් එහෙම කරනව ඇති ) ඒ idols ලගෙ පුද්ගලික තොරතුරු, රහස්‍ය බව රකින්න.

( හැබැයි මම මේ කතාව දැන් ඔයාලට කියන්නෙ මගේ බොස්ගේ අනුමැතිය ඇතිව හොදේ.. ඒ විස්තර මම පස්සේ කියන්නම් )

XZ studio එක පටන් අරන් දැනට ලොකු කාලයක් නෑ කියලා මට තේරුනා . තාම මාස කීපයයි. කලින් zhan ඉදලා තියෙන්නෙ wajiiwa කියන company එකත් එක්කලු.
පොඩි ටීම් එක හොද team work හැගීමෙන් , එක පවුලක් වගේ වැඩ කලා. Zhan හොද බොස් කෙනෙක් කියලා මට වැඩි දවසක් යන්නෙ නැතුවම තේරුනා .

එක දවසක් රෑ මම ඔහුගේ රූගත කිරීම් ඉවර වුනාට පස්සේ zhan ගෙ ankle එකට treatment කර කර හිටියේ.
එයාගෙ ෆෝන් එක ශබ්ද උනා. කෝල් එකක්. Zhan ගේ මුහුණ එලිය වැටුනු හැටි මට හොදටම පෙනුනා.
" අනේ excuse me , Mr. රයන්. මේ කෝල් එක මම ආන්ස්වර් කරන්න ඕනා. " ඔහු කීවා.
" හොදයි මම එලියෙන් ඉන්නම්". මම එහෙම කියලා එලියට ආවා.
කෝල් එක පැය බාගයක් විතර තිබුනා.

Zhan මගෙන් සමාව ඉල්ලුවා මට බලන් ඉන්න වුනා කියලා.

" ඒ කෝල් කල එක්කෙනා අද දවසටම free උනේ දැන් විතරයි. ඒ නිසා මට ඒ කෝල් එක ගන්නම උනා.". එයා කීවා .

මම කිව්වා මගේ ජොබ් එක එහෙම strict time table එකකට කරන්න ඕන නෑ, මගේ client ඔබ නිසා ඔබට පහසු ඕනෑම වෙලාවක මට treatment කරන්න පුළුවන් ..මට ඔබේ කාර්යබහුල බව තේරෙනවා. මට නම් කිසි ප්‍රශ්නයක් නෑ වෙලාව ගැන. ඔබට නිදහසක් ලැබෙන ඕනෑම වෙලාවක අපිට physiotherapy session එක කරන්න පුළුවන් කියලා.

ඔහු ඒ උත්තරයට සතුටු වුනා. මට ස්තූති කලා. ඔහු ගොඩක් නිහතමානීයි.

කෝල් එකෙන් පස්සේ zhan ගේ මූණේ අමුතු එලියක් වැටිලා තිබ්බේ.
" රයන් ඔයාට girlfriend කෙනෙක් ඉන්නවද? ". ඔහු මගෙන් එක පාරටම ඇහුවා.

" ඔව්. එයා ලංකාවේ ඉන්නෙ. "

" ඔයාට එයා ලග නැතුව ගොඩක් පාලු ඇති නේද?? "

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now