5

394 75 84
                                    

වර්තමානය.

Zhan ගේ , ඒ කිව්වේ ඒ දෙන්නාගෙම ගෙදර අපි පැය දෙකක්..විතර බලාගෙන හිටියා.
Yibo ට කෝල් කරන්න විදිහක් නෑ zhan ට , එයාගෙ නම්බර් එක block කරලනෙ.
Zhan එහෙට මෙහෙට ඒ කිව්වේ lele ට( yibo ගෙ ආරක්ෂක නිලධාරි) , yibo ගේ මැනේජර්ට එහෙම කෝල් කරල දැනගත්තා එයා අද උදේ racing track එකට ගියා කියලා.

" එයා ප්‍රැක්ටිස් ඉවර කරලා ඒවි , කීයට හරි ගෙදර .
අපි එතකල් ඉමු.. " zhan ෆෝන් එක පැත්තකින් තියල පුටුවට වැටෙන ගමන් කිව්වා.

ඒත් අපිට එහෙම කීයට හරි එනකල් බලන් ඉන්න වෙලාවක් නෑ. දවස් දෙකයි නිවාඩු හම්බ වුනේ. Hengdian ඉදන් Beijin වලට flight එකට පැය 14 ට වැඩිය ගියා.. ඉතින් යන්න එන්න flights දෙකට වෙලාව ගියාම පැය කීයද ඉතුරු වෙන්නෙ පැය 48 කින්?? මේ නාස්ති වෙන කාලය අපරාදේ. මේ දෙන්නා හමුවෙලා කතාකරලා , තියෙන ගැටලුවක් විසදගන්න ඕන ඉක්මනින්ම.

" බොස්, මගේ ෆෝන් එකෙන් yibo බොස්ට කතාකරල බලන්න "
මම කිව්වා.
මේකා XZ studio එකේ හැමෝවම block කරල නැතුව ඇතිනෙ.

" හොදයි".
Zhan මගේ ෆෝන් එක අතට අරගෙන ඒ නම්බර් එක ඩයල් කලා. ඔහු ගොඩක් anxious වෙලා වගෙයි.
ඒ දිග ඇගිලි යන්තම් වෙව්ලුවා.

ඒ පාර නම් කෝල් එක අනික් පැත්තෙන් ආන්ස්වර් කලා.

" බෝ.. මේ මම..
මම ගෙදර ඉන්නෙ.. Beijin වල".
Zhan ගෙ ඒ කටහඩ ඒ ස්වරය මම කවදාවත් අහල නෑ
Yibo මොනවද කිව්වේ කියලා මට ඇහෙන්නෙ නෑ.

ඉක්මනින්ම කෝල් එක ඉවර වෙලා Zhan ෆෝන් එක මට ආපහු දුන්නා.
" එයා දැන් ඒවිེ . මම එච්චර දුරක් ගෙවාගෙන Hengdian වල ඉදන් ගෙදර ආවම එයා නෑවිත් ඉන්නෙ නෑ මොනව වුනත්"

..............❤️💚.................

2020 නොවැම්බර්

ඉතින් zhan එන්න කිව්ව විදිහට මම එයාගෙ හොටෙල් රූම් එකට එදා ගියේ සුපුරුදු treatment session එකට කතා කලා කියලා හිතලා.
එහෙනම් දැන් අර guest ගිහිල්ලා ඇති මට හිතුනා.

මම බොස්ගෙ hotel suite එකට ගියාම මැනේජර්, Wu Chengනුත් වාඩිවෙලා හිටියා ඇතුලේ.

" රයන්, මම කතා කලේ ලොකු උදව්වකට. මගේ යාලුවෙක් ඇවිත් ඉන්නවා මාව හමුවෙන්න . එයාගේ කකුලේ වලලුකර පොඩි injury එකක් වෙලා . ඔයාට පොඩ්ඩක් එයාව බලන්න පුළුවන්ද?"
Zhan මට හිදගන්න කිව්වට පස්සෙ ඇහුවා.

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now