3

503 93 70
                                    

වර්තමානය...

" අවුරුදු 21 දී මම තෝරාගත් දෙය
81 තෙක් රැක ගන්න සිතුවත් මම..
ලෝකයේ අන් බොහෝ දේ මෙන්ම
එයත් නොපෙනී යන දිනයක් එනු ඇත..."

ඕකයි yibo කිව්ව සින්දු කෑල්ලෙ සරල සින්හල තේරුම.

කොච්චර උනත් මේකෙන් මේ තරම් අන්තර්ජාලය කැලඹෙන කලබලයක් උනේ කොහොමද කියලා මොලේ සමනල් ගැට වැටෙන්න කල්පනා කලාට මට හිතා ගන්න බැරි වුනා.

Life line එකක් ගන්න තමයි දැන් තියෙන්නෙ. මම තෝරාගන්නෙ call a friend  . ඒ කිව්වේ girlfriend .
ඒත් හසිනියාට මේ වෙලාවෙ ලෙක්චර්ස්.
ඉතින් මම wattsapp message එකක් දැම්මා

" මේ .. මොකක්ද හසියෝ ඔච්චර විශේෂත්වය ඔය වීඩියෝ එකේ... "

" අයියෝ.  ඔයා මොන මෝඩයෙක්ද"
හැරෙන තැපෑලෙන්ම ආවේ ඔය උත්තරේ .

ඊට පස්සේ පේනවා මේකි typing  .....typing .... typing....කියලා දිගටම.
හෙන හෑල්ලක් කොටනව වගේ ලෙක්චර් එක මැද්දෙම.
අන්තිමට එයාගේ දීර්ඝ උත්තරේ මට ලැබුනා.

" 1.
බලන්න වීඩියෝ එක පෝස්ට් කරල තියෙන්නෙ කීයටද කියලා?
  13.00 ට . ඒ කිව්වේ kadian " yizhan"

2.
වීඩියෝ එකේ length එක.. 33 seconds . ඒ කියන්නෙ " zhan zhan"

3.
Yibo ගෙ ටී ශර්ට් එක. ඒක අයන් කරලවත් නෑ.
සුදු පාට ටී ශර්ට් එකේ මැද print කරල තියෙන පින්තූරය දැක්කද? හිම කන්දක මුදුනක්.
ඒකෙන් මතක් වෙන්නෙ " side by side at the top of snowy mountain " ඒ bjyxszd කියන එකෙන් හදා ගත්ත වාක්‍යයක් .bjyxszd කියන්නෙ මොකක්ද ? Yizhan is real .

4 .
බලන්න එයාගෙ මූණ. ගොඩක් දුකින් වගේ නේද? ඇස් දෙක දැක්කම මට නම් හිතෙන්නෙ අඩල වගේ..😢

5.
මේ අන්තිම කරුණු තමයි වැදගත්ම..
මේ සින්දුව අලුත් එකක්.. කවුරුත් කියන එකක් නෙවෙයි. එතකොට මේක yiboම හදපු එකක්.

6.
මේක තමයි මට ඇඩෙන තරම් දුක කෑල්ල.
මේකේ වචන..
මේවා නිකම් random වචන නෙවෙයි.
ඔයා දන්නවද ඒවා කොයිතරම් meaningful ද , personal ද කියලා.

" what has already been set when I'm 21, I hope that at age 81 will still be true.."

මේ වාක්‍යය yibo දැනට දෙපාරක් පෝස්ට් කරල තියෙනවා. එයාගේ weibo account එකේ.

Yibo මුලින්ම ඒ වාක්‍යය පෝස්ට් කලේ එයාගෙ 21 වන උපන්දිනේ දවසේ. ඒ කිව්වේ 2018. The untamed film කරන දවස් වල. එයා ඒ දවස සැමරුවේ zhan එක්ක .
අවුරුදු 21 දී එයාගෙ ජීවිතේට ලැබුනේ මොනවද?
Idol කෙනෙක් වීම , dancing , acting මේ ඔක්කොම එයා කලින්ම achieve කරලා ඉවරයි.
එතකොට අවුරුදු 21 දී එයාට ලැබිලා අවුරුදු 81 වෙනකල් තියාගන්න හදන්නේ මොකක්ද? කාවද? ඔයා හිතලා බලන්න ..
දැන් බලන්න මේ lyrics .. ඇයි එයා ඒක අහිමි වෙනවා කියන්නෙ කියන්නේ??
අනේ රයන්.. මට ඇඩෙනවා වගේ .
මම දන්නවා ඔයා මට මුකුත් කියන්නෙ නැ කියලා.
ඒත් ..  අනේ ඒ දෙන්නා හොදින්ද?? 

මං කැස්බෑවෙක් වූ හැටි..✅Where stories live. Discover now