01 කොටස

2.2K 184 12
                                    

"සුද්දා පුතේ ඔය රේඩියෝ එකේ සද්දෙ ඩිංගක් වැඩි කොරාපන්...."

"මම මේ මිදුලේ....ගෙට ගිහින් වැඩි කරන්නම්...."

වට්ටිය පිරෙන්නම සුදු මල් කඩා ගත්ත මං නංගිගෙ රෝස පැලෙනුත් මලක් කඩාගෙන වට්ටිය මැද්දෑවෙන් ඇහුරුවෙ සුදු පාට පසුබිමේ රතුපාට මල කැපිලා පේද්දි....උදෙන්ම බුදු පහන තියල මල් පූජා කරන එක අපේ ගෙදර පුරුද්දක්...

කඩාපු මල් වට්ටිය බුදු හාමුදුරුවන්ට පූජා කරපු මම පහන පත්තු කරල තිබුණු අන්තිම හඳුන්කූරත් පත්තු කරා....

හඳුන්කූරු එකත් ඉවරයි....හඳුන්කූරු විතරද ගෙදර හැමතැනම දාහක් අඩුපාඩු....ඇති කියල මෙලෝ යමක් නොතිබුනු අපිට මදි නොකියන්න තිබ්බ එකම දේ නැතිකම....

"සුද්දී...සුද්දි නැගිටින්න....හයටත් කිට්ටුයි....අද යන්නැද්ද ඉස්කෝලෙ...."

"ම්..ම්හ්....අද යන්න බෑ අයියෙ...."

රේඩියෝ එකත් වැඩි කරගෙනම මම කාමරේට ගියෙ සුද්දිව ඇහැරවන්න....අම්මා අප්පච්චි නැති වුණ දා ඉදන් අපිට හිටියෙ අත්තම්මා විතරක් වෙද්දි සාමාන්‍ය පෙලින්ම ඉස්කෝලෙ ගමන නවත්තපු මං හන්දියෙ කඩේ වැඩට ගියෙ කීයක් හරි හොයාගන්න....මට ඉගෙන ගන්න වාසනාවක් නැතත් නංගිට හරි උගන්නලා මේ ඉන්න තැනින් ගොඩ යවන්න....අමතර පන්ති යන්න තරම් වියදමක් දරන්න බැරි හින්දා සුද්දිට ඉගෙනගන්න උනේ ඉස්කෝලෙ උගන්නන දෙයක් විතරයි වුණත් ඒකි මං වගේම පන්තියේ මුල් ස්ථාන වල හැමදාම හිටියා....ඉස්සර නම් ඔහොම දවස් දෙකේ තුනේ අහේතුකව ගෙදර නැවතුනාට මම මොකුත් නොකීවට විභාගෙ කට උඩ තියාන ඉස්කෝලෙ යන්න බෑ කියද්දි මට උදේ පාන්දර යකා ආවේශ වේගෙන ආවා....

"අර මොකද යන්න බැරි....විකාර නොකර නැගිටපන්....හිතුමනාපෙට ඉස්කෝලෙ නොයා ඉන්න හදන්නෙ උඹ විභාගෙ ලියන්නෙ නැද්ද මේ දෙසැම්බරේ...."

සුද්දිට කෑගහපු මම කුස්සියට ආවෙ තියෙන දෙයක් රත් කරන්න අත්තම්මාට උදවු වෙන්න....ඇස් පෙනීමත් අඩු වේගෙන එන උන්දැට කියල මහ දෙයක් කරන්න බැරි වෙද්දි ගෙදර ගොඩක් වැඩ කෙරුනෙ මගෙ අත් දෙකෙන්....පුලුවන් වෙලේට නංගිත් උදවු කරාට ඉස්කෝලෙ වැඩ ටික හරියට කරගන්න ඕනි හින්දා මං ඒකිට ගෙදර දොරේ වැඩ වලට අඬනොගහපු තරම්....සුද්දිත් කාලකණ්නි වෙලා ගියොත් අපි කියල මොනවා කරන්නද....

සියපත්Where stories live. Discover now