51 කොටස

511 95 51
                                    

තනිකමට බයේ හිටපු තනිවෙන්න බෑ දාලා යන්න එපා කියල කඳුලු හලපු මම දැන් තනිකමට හුරුවෙලා....තනියමම දේවල් කරගන්න.....තනියමම පුතා බලා ගන්න මම හුරුවෙලා....

කොල්ලටත් දැන් මාස තුනක් පිරිලනෙ....එයා මාව දැක්කම හිනා වෙන්න හදනවා....අනිත් පැත්තට පෙරලෙනවා....ඇඟිල්ල කටේ දාගෙන උරවනවා....සෙල්ලන් බඩු අල්ලන්න හදනවා....වැඩ ගොඩයි...කලින් තරම් රෑට දැන් අඬන්නෙ නෑ....නිදාගන්නවා....ඒ හින්දම මටත් නිදිමරන්න වෙන්නෙ නෑ...ඒ උනා කියල මට හොඳට නින්ද යන්නෙත් නෑ....සැරෙන් සැරෙන් ඇහැරිලා බැලවෙනවා පුතා ඇහැරලාද කියල...මොනවා කරන්නත් මම විතරනෙ ඉන්නෙ....

මුල් දවස්වල වචනයක් කියන්න හරි මහත්තයා ගත්තත් දැන් එහෙමවත් ගන්නෙ නෑ.....මට දුකයි...පපුව රිදෙනවා....මගෙ ඇඟෙන් කෑල්ලක් නෑ වගේ දැනෙනවා....මාව හිස් වෙලා වගේ එයාගෙ කටහඬ උණුහුම නැතුව....ඒ උනත් මම දැන් අඬන්නෙවත් කඳුලු හලන්නෙවත් නෑ බොරු දේවල් හිතල....මහත්තයා මොකක් හරි ප්‍රශ්නයක් හින්දනෙ මගෙන් ඈත් වෙලා ඉන්නෙ....ඈත් වෙලා හිටියත් එයා මට ඕනි කරන සල්ලි අනිවාරෙන් බැංකු පොතට දානවා සතියක් ගානෙ....පුතාගෙ කිරි එක එහෙම දවස් කීපෙකට සැරයක් ගේන්න ඕනිනෙ....මට කෑගහන්න හිතෙනවා මහත්තයා සල්ලි නෙවේ ඔයා එන්න....ඔයාවයි ඕනි කියල....ඒත් කොහොමද එහෙම කරන්නෙ....කාටද කියන්නෙ....

රකිත් අයියත් දැන් වැඩිය කෝල් ගන්නෙ නෑ....එයා අන්තිමට කතා කරාම කීවා මොකද්ද වැඩ වගේකට හිරවෙලා නිදහසක් නෑ කියල....සමහරවිට ඒ හින්දා වෙන්නැති....කලු අයියා නම් පුලුවන් හැමවෙලේකම ඇවිත් යන්න එනවා....පුතා එයාව හොඳට අඳුරනවා....එයා අතේ ඉන්නත් හරි කැමතියි....ආව වෙලේට ඇහැරලා හිටියොත් මම කලු අයියා අතට පුතාව දීලා ගෙදර වැඩක් කරනවා....

අදත් පුතාව අරන් හොස්පිට්ල් යන්න ඕනි දවසක්....බේබි රූම් ඉඳපු හින්දා ඩොක්ටර්ලා තාම විඩෙන් විඩේ එයාව චෙක් කරනවා....මම හිතාන හිටියෙ තනියම ගිහින් එන්න උනත් කලු අයියා අද නිකන් ඉන්නෙ කියල එන්නම් කීවා....එයා එන හින්දා මම හිතාගත්තෙ පුතාවත් පෙන්නලා ගෙදෙට්ට ඕනි බඩු වගයක් තියේ ඒ ටිකත් අරන් එන්න....නැත්තන් මං කොයි වෙලේද ඒවා ගන්නෙ....ගෙදර හරියෙ කන්න මෙලෝකෙ දෙයක් නෑ....පුතාගෙ දේවල් විතරයි ඔක්කොම තියෙන්නෙ....

සියපත්Where stories live. Discover now