48 කොටස

500 93 17
                                    

මහත්තයා නැතුව පුතා බලාගන්න වෙන්නෙ එක දවසයිනෙ කියල මම එදා හිතුවත් ඇත්තටම ඒක එහෙම උනේ නෑ....මහත්තයා දැන් දවස් ගානක ඉදන් අපාර්ට්මන්ට් එකේ රැඳෙනවා ගොඩක් අඩුයි...තාත්තා කතා කරන ගානෙ ගෙදර දුවනවා....

මට එපා කියන්න බෑ....ඉන්න මහත්තයා මට තනියෙන් පුතාව බලාගන්න බෑ කියන්න බෑ....මං දන්නවා මහත්තයා ඔය දඟලන්නෙ කසාදෙන් ගැලවෙන්න කියල.....ඒ හින්දම මම තනියෙන් පුතාව බලාගන්න පුරුදු උනා.....උයාගන්න එක කරගන්න බැරිවෙද්දි මම ගොඩක් වෙලාවට කඩෙන් කන්න පුරුදු උනා...මහත්තයා ඉන්න දවසට ඉව්වා....ඒ උනත් එයා දැන් ගෙදර රැඳෙන්නෙම නැති තරම්....එක්කො ආවත් මහ රෑ....ඒ ඇවිල්ලා ආයෙ උදෙන්ම යනවා....

ආව වෙලේටවත් මට පුතා හින්දා මහත්තයා ගැන බලන්න....එයා ගාව රැඳෙන්නෙ වෙන්නෙම නැති තරම්....එක්කො කොල්ලා හූ තියල අඬනවා....එක්කො එයාව නිදිකරන්න ඔට්ටු වෙනවා...ඒ මොනවත් නැත්තන් දවසම එයා එක්ක ඔට්ටු වෙලා මට වැටුන තැන නින්ද ගිහින්.....

පස්සෙ පස්සෙ මම කඩෙන් කනවා දැකපු කලු අයියා මට කෑම උයාගන්න උදවු කෙරුවා....එයාට පුලුවන් දවසට ඇවිත් පුතා ගාව ඉන්නවා මම උයාගන්නකල්....මහත්තයා උනත් කලු අයියා ගැන දන්න හින්දා මට බයක් නෑ....පුතාත් දැන් කලු අයිය වඩා ගත්තට අඬන්නෙ නෑ....හොර ගෙඩියා වගේ ඉන්නවා....ඒ හින්දම කලු අයියා එනවනම් මම කැමතියි....කොල්ලා එයා අතේ ඉන්නකොට මට ගෙදරවත් ටිකක් අස් කරල දැම්මැකි....

හැබැයි මහත්තයා වෙලාවකට කලු අයියා දිහා සැකෙන් වගේ බලනවත් මම දැකල තියේ....ඒ ඇයි ඇහුවම කාව උනත් විශ්වාස කරන්න බෑනෙ කිව්වා....එවෙලෙ මම මහත්තයා එක්ක කට ගහගෙන ගියත් එක්ක ඔච්චර උදවු කරන මනුස්සයව සැක කරන්නෙ මොකද කියල....ඇත්තනෙ....කලු අයියාත් නොහිටින්න බලන්න තිබ්බා වැඩේ....

"සුද්දා ලෑස්තිද.....කෝ චණ්ඩියා...."

"කලු අයියෙ මේ බෑග් එක අරන් යනවද...මං පුතාව අරන් එන්නම්...."

අද පුතාව අරන් හොස්පිට්ල් යන්න ඕනි දවසක් උනත් මහත්තයාට එන්න වෙන්නෙ නෑ තාත්තා කොහෙදෝ යන්න අණ කරල....මං දන්නෑ ඉස්සරනම් මහත්තයා මෙච්චර තාත්තා කියන කියන දේ කරේ නෑ....ඒ උනාට දැන් එහෙම නෑ....අනික මහත්තයා මොකද්ද ප්‍රශ්නයක් ඔලුවෙ තියාගෙන ඉන්නවා කියල මට හිතෙනවා....දැන් රකිත් අයියා නැති හින්දා කැෆේ එකේ පහන් අයියා තමා මහත්තයා එක්ක ගොඩක් ඉන්නෙ...කතා බහ කරන්නෙ....මේ ලඟදි දවසකත් ඒ දෙන්නගෙ කෝල් එක්කින් මට තේරුනේ මහත්තයා කාව හරි හොයනවා කියල....ඒත් මොකාද කින්ද මන්ද මන්දන්නෑ....

සියපත්Where stories live. Discover now