21 කොටස

779 114 16
                                    

දවස් ගෙවෙන්නෙ හරි වේගෙන්....මහත්තයාගෙ ආදරේ එක්ක රකිත් අයියගෙ විහිලු එක්ක කාලෙ ගෙවෙනවා නොදැනීම....රන්දුණු මහත්තයා හරි ආදරණීය මනුස්සයෙක්....මම වාසනාවන්තයි ඒ වගේ මනුස්සයෙක්ගෙ පලවෙනිම ආදරේ වෙන්න....එයාගෙ අන්තිමම ආදරෙත් මමම වෙන්න මම ප්‍රාර්තනා කරනවා....රන්දුණු මහත්තයා නැති ජීවිතයක් මට දැන් හිතාගන්න බැරි තරම්....මම එයාටම බැඳිලා මුලු හදවතින්ම....ආයෙ හැරීමක් නැතිවෙන්නම.....

සුද්දිව කොළඹ නවත්තලා ඇවිල්ලා මාසයකට කිට්ටුවෙලා....සුද්දි එහෙ සතුටෙන්....කතා කරොත් ඇත්නම් කියන්නෙ එයාගෙ යාලුවො ගැන.....ගමේ ඉස්කෝලෙ සුද්දිට එහෙම යාලුවො නොහිටියම තරම්....කොළඹ ඉස්කෝලෙ යාලුවො නම් ගොඩක් සල්ලිකාර ළමයි වගේ.....සුද්දි කියන දේවල් වලින්ම ඒ වග තේරෙනවා....

"මහත්තයා අපේ සුද්දි හොඳට ඉගෙන ගනී නේද...."

"මොකෝ මේ එකපාරට අරවින්දිව මතක් උනේ...මම බලාගෙන දැන් ටිකක් වෙලා ඉදන් කල්පනා කරනවා...."

"එකපාරට නෙවේ මහත්තයා මට කොච්චර උනත් බයයි....සුද්දි හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට යනවා දකින්නයි මට ඕනි....එයා ඒක කරයි නේද මහත්තයා....කොළඹ ගිහාම එයාට යාලුවො ගොඩක් හම්බෙලා....මට එක එක දේවල් හිතෙනව මහත්තයා....ගම වගේ නෙවෙනෙ ටවුන්...."

"මැණික් මේ බලන්න....අරවින්දිට යාලුවො ඇති....කාට උනත් ජීවිතේට යාලුවො ඕනිනෙ....සමහරවිට ඒ ළමයි එක එක පවුල් පසුබිම්වල විවිධාකාර ළමයි වෙන්න ඇති....හැබැයි මැණික් ඒ ළමයි ආශ්‍රය කරපු පලියට අරවින්දිත් වෙනස් වෙයි කියන්න බෑ නේද....එහෙම වෙන්නත් පුලුවන් එහම නැතුව පාඩුවෙ ඉන්නවා වෙන්නත් පුලුවන්....සුද්දි වැරදි පාරෙ යනවා වගේ දැනුනොත් අපි එයාට අවවාද කරමු....ම්ම්...දැන් හිතන්නැතුව ඉන්නකො....තව ටික දවසයිනෙ අපිත් මෙහෙ ඉන්නෙ....ඊට පස්සෙ මම කොහොමත් ඔයාව කොළඹ එක්ක යනවා.....එතකොට පුලුවන් සුද්දිව ළඟින්ම තියන් බලාගන්න....."

"මහත්තයා මාව එක්කන් යනවද...."

"ම්ම්...නැතුව බෑනෙ....මගෙ මැණික් මෙහෙ තියල මම එහෙ ගිහින් ඉන්නෙ කොහොමද...."

මගෙ නහය මිරිකලා කම්මුලට හාදුවක් තියපු මහත්තයා ආපහු එයා කර කර ඉඳපු වැඩේ පටන් ගනිද්දි මම එයාගෙ උරහිසට හේත්තු වෙලා එයා කරන වැඩේ දිහා බලන් හිටියා....බිල් වගයක් එකතු කරනවා ....එයාලා මෙහෙ කරපු කැණීම් ගොඩක් දුරට සාර්ථකයිලු....මුල් කාලෙ හරියට තැන හොයාගන්න ගොඩක් අමාරු උනාට හරි ප්ලේස් එක අහුවුණාට පස්සෙ මැණික් ගල් සෑහෙන ගානක් එයාලට හම්බුණාලු....තව සති දෙක තුනකින් වගේ එයාලට දීලා තියෙන කාලෙ ඉවරයිලු....මේ වෙද්දි එයාල අවසර ගත්ත ඉඩ ප්‍රමාණෙ ඇතුලත ගන්න පුලුවන් උපරිම ප්‍රයෝජනේ අරන් ඉවර හින්දා ඒක ප්‍රශ්නයක් නෑලු....කැණීම් වැඩ ඉවර වෙනවා කියන්නෙ එයාල ආපහු කොළඹ යනවා කියන එක....එක අතකට මහත්තයා එක්ක මාවත් එක්ක යන එක හොඳයි....නැත්තන් මට පිස්සු හැදෙයි මෙහෙ කවුරුත් නැතුව තනියම ඉන්න ගිහින්....

සියපත්Where stories live. Discover now