52 කොටස

510 97 33
                                    

මාව අන්තෙටම කඩා වට්ටපු ෆොටෝ එක මට එනකොට දවල් දොළහ පහු උනා විතරයි...

මහත්තයායි අයිනියි එන්ගේජ් වෙලා....

එයාලා මුදු මාරු කරනවා හිනා වෙලා හග් කරනවා ඒ හැම දේම ෆොටෝ වල හරි ලස්සනට සටහන් වෙලා තිබුණා....ඒ ටික දැක්ක වෙලේ ඉදන් තාමත් මම ඉන්නෙ හෝන්දු මාන්දු වෙලා....පුතාගෙ වැඩ කොහොම කරාද මටවත් තේරුමක් නෑ....මගෙ හිත තාමත් කියනවා ඒක එහෙම නෙවේ...එඩිට් එකක් වෙන්නැති මගෙ මහත්තයා මාව දාල යන්නෑ මාව තනි කරන්නෑ කියල....ඒ උනත් ඒවා මම හිත රවට්ට ගන්න හිතන දේවල් විතරයි....ඒ ෆොටෝස් කොහොමටත් එඩිට් නෙවෙයි...ඒවා ඇත්තටම උනු දේවල්....

මගෙ මහත්තයා මාව අමතක කරල....මගෙ....එයා දැන් මගෙද...මට කටපුරා මගෙ මහත්තයා කියන්න පුලුවන්ද....එයා දැන් නීතියෙන්ම අයිනිගෙ උනු කොට හිතෙන් ගතෙන් විතරක් බැඳිලා ඉදපු මම අයිතියක් ඉල්ලගෙන යන්නෙ කොහොමද....ගියත් මාව පිලිගනීද....

මට ඇඬෙන්නෙ නෑ....මගෙ ඔලුව පුපුරන්න තරම් කැක්කුමයි....මට දරාගන්න වෙනවා....මට පුතා වෙනුවෙන් දරාගන්න වෙනවා ... මුල්ලක වැටිලා අඬන්න වෙලාවක් මට නෑ.....තව ටික්කින් කොල්ලා නැගිටලා අඬනවා....ඒකාට කිරි එක පොවන්න ඕනි....ඒකාව හෝදන්න ඕනි....මට කීයක් වැඩද....මට කා වෙනුවෙන් වත් වෙලාවක් නෑ...මහත්තයා මාව අමතක කරල අයිනිව තෝරගත්ත එක හරි...මම එයාට මොනවද දුන්නෙ....අඩුම අන්තිම කාලෙ හරියට අවදානෙවත් දුන්නද....නෑනෙ....මම එයාගෙ දේවල් ගත්තා විතරයි....එයාගෙන් යැපුනා විතරයි....දැන් උනත් මේ වැටිලා ඉන්නෙ එයාගෙ ගෙදර....පුතාට ඕනි දේවල් අරන් දෙන්නෙ මම කන්නෙ බොන්නෙ එයාගෙ සල්ලි වලින්....එයා අද උදෙත් මට සල්ලි දාලා....

විහිලුවට උනත් මහත්තයා දවසක් කීව දෙයක් මට මතක් උනා....

"මහත්තයා ඒ උනාට තාත්තා....මට බය හිතෙනවනෙ....තාත්තා ඔයාව ඔය කියන කෙල්ලට දුන්නොත්....එතකොට....එතකොට මං...."

"එතකොට මං මොකද්ද....එතකොට උඹ මගෙ මිනිහා....ඔය කියන ගෑණි මගෙ ගෑණි...."

මහත්තයා ඇත්තටම ඔයා දැන් ඒකද කරන්න යන්නෙ....අයිනිව බැඳලා මාවත් තියාගන්න....ඒකද මට තාමත් සල්ලි එවන්නෙ....දෙයියනේ එහෙම නම් එපා....මට එහෙම ඕන්නෑ....මම මෙහෙන් යන්නම යන්නම්...ඔයාගෙ ජීවිතෙන්ම යන්නම්....මේ කොළඹින්ම ඈත් වෙලා යන්නම්....

සියපත්Where stories live. Discover now