30 කොටස

659 115 56
                                    

කිව්වත් වගේ මම කැෆේ එකේ ජොබ් එකට යන එක නවත්තලා දැම්මා...සහන් අයියා එහෙමනම් මූණ එල්ලන් හිටියා මම එන්නෙ නෑ කියද්දි....වැඩ කලේ පොඩි කාලයක් උනත් අපි හරි සහයෝගයෙන් සහෝදරයො වගේ වැඩ කරානෙ...දැන් වෙනදට වඩා මට නිදහස තියෙනවා....ලෙක්චර්ස් වැටෙන වෙලාවට කැම්පස් ගිහින් අනිත් වෙලාවට මම ගෙදර රැඳෙනවා....සුද්දි ගැනත් කලින්ට වඩා හොයල බලන්න මට වෙලාව තියෙනවා....සුද්දි අර ටික් ටොක් එකේ නටවල තිබ්බ වීඩියෝ ටිකත් රකිත් අයියා මොනවද කරල අයින් කරල දාලා තිබ්බා...එයත් සුද්දිට බැන්නෙ නෑ හැබැයි කේන්ති ගිහින් හිටියෙ ඒ ටික දැකල....

මහත්තයත් පුලුවන් හැම දවසකම මාත් එක්ක ඉන්නවා....ඒ දවස් වලට රස කෑමක් හදලා එයා එක්කම ඉන්න මම උත්සාහ කරනවා...මහත්තයාව හැමදාම ළඟින් තියාගන්න තියෙනවනම් හොඳයි....ඒ උනත් මහත්තයාගෙ තාත්තා දන්නෙ නෑනෙ අපි ගැන....මන්දන්නෑ එයා දැනගත්ත දවසට මොනවා වෙයිද කියල...එයා විරුද්ධ උනොත් අපි මොකද කරන්නෙ....උනොත් නෙවෙයි අනිවාරෙන්ම විරුද්ධ වෙයි....මහත්තයා මොකක් කරයිද....මං දන්නෑ....දැම්ම ඒ ගැන නොහිතා ඉන්නවා....

මහත්තයාමයි කිව්වෙ තාත්තට ටිකක් සැක හිතිලා තියෙන්නෙ....මහත්තයා ගැන හොයනවා වැඩී කියල....ඒ හින්දම ගිය සතියෙ මහත්තයා මා ගාව හිටියෙ එක දවසයි....හවස ඇවිල්ලා රෑ වෙලා ගෙදර ගියා....නැවතුනේ නෑ...මට හරි පාලුයි....රෑට නිදාගන්න ගියත් නින්ද යන්නෑ ඔහේ ඇඳේ එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉන්නවා මිසක්....

අද නම් මහත්තයා මා ගාව....එයා ලඟ ඉන්නකොට මුලු හිතම පිරිලා වගේ මට දැනෙනවා....පොඩි රණ්ඩුවක් අල්ලන්න කෑගහලා 'කෑගහන්නෑ' කියල කියනවා අහන්න....එයාගෙ පුංචි පුංචි හාදු එක්ක දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ....

"මැණික් දැන් මොනවද හදන්නෙ අර ළමයින්ට...."

"රයිස් එකක් හදල චිකන් හදල චොප්සියක් හදන්න හිතුවෙ....චිලි පේස්ට් එහෙමත් තියේ....ඇතිනෙ...."

සුද්දිගෙ යාලුවො වගයක් අද මෙහෙ එනවලු....ක්ලාස් ඇරිලා ඒ ගමන් එනව කිව්වෙ....අනේ මන්ද ඉතිං එයාගෙත් කැමැත්තනෙ....අපි හා කිව්වා....

"බබා පරිප්පු..."

"ඉතිං පරිප්පුත් ඕනිද...."

"පරිප්පු නැතුව වැඩක්ද බන්....හදපන්...."

සියපත්Where stories live. Discover now