58 කොටස

912 132 84
                                    

වසර 18 කට පසු...

ජීවිතේ තවත් අවුරුදු දහටක් නොදැනීම ගෙවිලා ගිහින්....මට දැන් අවුරුදු තිස් අටක්....මහත්තයාට හතලිස් පහක්....අපි දෙන්නම මැදිවියේ....

තරූ...අපේ චණ්ඩියා දැන් අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්....ඒකා හැදෙන්නෙත් මහත්තයාගෙ තාලෙටමයි.....ඇස් වහක් කට වහක් නෑ බලන කෙනෙක්ට දෙපාරක් හැරිලා බලන්න හිතෙන තරම් මගෙ කොල්ලා හැන්ඩ්සම්....

අවුරුදු පහක නංගියෙකුයි අවුරුදු අටක මල්ලියෙකුයි ත් තරූට ඉන්නවා....අවුරුදු ගානකට කලින් පුංචි පවුලක් උනු අපි දරුවො තුන් දෙනෙක් ඉන්න ටිකක් ලොකු පවුලක් දැන්...

තරූ මල්ලියෙක් හරි නංගියෙක් හරි ඉල්ලලා මුලින්ම ඇඬුවෙ අවුරුදු නවයෙදි....ඊට පස්සෙයි පොඩි චණ්ඩියා වෙච්ච ඔනෙල් ආයුග අපි ගාවට ආවෙ.....එතනින් නවතින්නෙ නැතුව මහත්තයාට කෙලි පිස්සුවක් හැදුනා....ඒ පිස්සුවෙ අවසානෙ නලිනි මෙත්ධාරා අපේ චූටි කෙල්ල අපි ගාවට ආවා.....එතකොට තරූට අවුරුදු දහතුනක්....ඔනෙල් ගෙනාවෙ මහත්තයගෙන් වෙද්දි නලිනිව ගෙනාවෙ මගෙන්....මට අදටත් මතකයි නංගිවයි මල්ලිවයි ගෙනාව දවස්වල තරූගෙ ඇස් දිලිසුන හැටි....එයා හිටියෙ රටක් රාජ්‍යයක් හම්බෙලා වගේ....

කොල්ලා දඟයි චණ්ඩියි නසරානියි..... ඒ මොනදේ උනත් නංගිටයි මල්ලිටයි පණ ඇරල ආදරෙයි....අපි ඇරුනම කොල්ල වැඩිපුරම ආදරේ රකිත් අයියට.....වැඩිපුරම ලඟත් රකිත් අයියට....ඒකාට රකිත් අයියා එනවා කීවොත් ඊට වඩා දෙයක් නෑ....ඒ දවස් වලට අපිත් එපා....රකිත් අයියා අස්සෙමයි....සකි අප්පච්චි කියල කියන්නෙත්....පොඩි කාලෙ හුරු වෙච්ච හුරුවිල්ලට තවමත් රකිත් නොකියා කියන්නෙ සකී කියල....පොඩි දෙන්නත් රකිත්ට ආදරෙයි....හැබැයි තරූ තරම් ලඟ නෑ....තරූගෙ තනි බූදලේ රකිත් අයියා....

මහත්තයා දැන් අවුරුදු පහක් විතර වෙනව මෙහෙ ඉදන්ම ලංකාවෙ ජෙම් බිස්නස් එක බලන්න අරන්....තාත්තා අපිට සමාව දුන්නා නෙවෙයි බිස්නස් එක ගෙනියන්න කෙනෙක් ඕනි හින්දා මහත්තයාට කතා කරා....එච්චරයි....තාත්තා අදටත් ලෑස්ති නෑ මාව බෑනා විදිහට පිලිගන්න....දරුවො එක්ක වෙලාවකට කතා කරනවා....මාත් එක්ක නම් කොහොමටත්ම නෑ.....මාව ඒ පවුලට ගැලපෙන්නෙ නෑ කියලමයි කියන්නෙ....අනේ මන්දා ඉතිං.....

සියපත්Where stories live. Discover now