49 කොටස

498 92 27
                                    

"මැණික්...."

"ආ....සත්ගුණවත් බේබදු මහත්තයාට ඉර පෑව්වෙ දැන්ද...."

"කෑගහන්න එපා බබා...පුතා ඇහැරෙයි....මං ඊයෙ මුලු රෑම සෝෆා එක පාමුලද හිටියෙ....ආහ්....බෙල්ලත් රිදෙනවා බන්...."

පාන්දර වෙනකල් අඬපු පුතා නිදාගද්දි පහත් පහුවෙලා තියෙද්දි එතකල් නිදිමරපු මං ඇහැරෙද්දි අටත් පහුවෙලා....ඒ ඇහැරල ඇවිත් බලද්දි මහත්තයා සෝෆා එක පල්ලෙ....රෑ නින්දෙන් නටලද මන්දා....ඇහැරවන්න හිතුවත් ඊයෙ කරපු දේට තිබ්බ තරහත් එක්ක එහෙමම ඉන්න ඇරපු මං කුස්සියට ආවා....වතුර එක රත්වෙලා රයිස් කුකර් එකේ බත් එකත් ඉදිලා ඉවර උනාට පස්සෙයි මහත්තයා නැගිටලා කුස්සියට ආවෙ....

"බෙල්ල ...බෙල්ල නෙවේ මං කියන්නෑ....ඔතනවත් වැටුණු එකට සතුටු වෙන්න පාරෙ කානුවක වැටුනනම් බලන්න තිබ්බා....පොඩි දරුවෙක් ඉන්න ගෙදරකට එන විදිහටද ඊයෙ ඒ ආවෙ....මහත්තයා මොලයක් නැද්ද...මඟදි කරදරයක් උනානම් මොන දෙයියන්ට කියන්නද....ඔහොම බීලා වාහන අරන් එනවද....ඇයි අනේ වගකීමක් නෑ වගේ වැඩ කරන්නෙ....පොඩි ලමයිද ඔයාලා..."

"ඒ....මොකද්ද බබා....ඊයෙ විතරනෙ බන් ඔහොම බීවෙ....උඹ තුන්සිය හැටපස් දවසම බොනවා වගේ බලියනවනෙ...ගෑණු පරාදයි මුගෙ කටට....හොඳ මැණික වගේ දෙහි එකක් හදල දියන්කො...."

"මට බෑ....!! ඕන්නම් හදාගන්න....සේරටම කලින් ගිහින් නාගන්න....බලනවකො ලඟ ගඳ....නාලා මිසක් කාමරේ පැත්ත පලාතෙ එන්න එපා...!! "

පුතාගෙ කිරි එකත් ගත්ත මං මහත්තයාව එහෙමම කුස්සියෙ දාල කාමරේට එන්න ආවා...මට කේන්තියි හොඳටම කේන්තියි....

මං යනකොට අපේ හොර ගෙඩියා ඇහැරලා....

"සුදු පුතා ඇහැලියද....මගෙ පුතා....කෝ බලන්න....ආ...චූචු දාලා...කක්කි දාලා....අනේ අනේ...හොල ගෙඩියා වගේ හිටියා නේද ඔහෑ කියන්නැතුව...."

මං කතා කරනකොට කොල්ලා ඇස් කරකව කරකව බලනවා....හිනා වෙන්න හදනවා....අත ගස ගස මොනවද කියන්න වගේ කට අරිනවා....බලන්න වැඩේ ඒ කෝලන්....

සේරම අස් කරල රෙදි කූඩෙට දාපු මං පුතාවත් පිහදාල අලුත් නැපියක් ඇන්දුවා...එහෙමම හරහට වඩා ගත්ත මං පපුවට තුරුලු කරගෙන කිරි එක පොවන්න ගත්තා....ඒක බොන ගමනුත් කොල්ලා මං දිහාම බලා ඉන්නවා....බෝල ඇස් මගෙ මූණ පුරාවට එහෙ මෙහෙ යනවා....අපේ පුංචි නෙලුම් පොහොට්ටුව...

සියපත්Where stories live. Discover now