12 කොටස

790 136 9
                                    

මාස තුනක කාලෙ එහෙ බලල මෙහෙ බලද්දි ගෙවිලා ගියෙ සුද්දිලාටත් විභාගෙ ඉවර කරලා....හැම විෂයකටම පුලුවන් උපරිමේ ලිව්වා කියල කිව්වා මට විශ්වාසයි මගේ කෙල්ල ගන්න පුලුවන් හොඳම රිසල්ට් එකක් ගනී කියල....කිසිම අමතර පන්තියකට නොගිය මටත් ඒ අටක් එක්ක සී එකක් තිබ්බනම් පන්තිත් ගිය සුද්දි කොහොමත් මට වඩා ප්‍රතිපලයක් ගනී....

අත්තම්මාටත් හොඳට ඇස් පේන හින්දත්  ගෙදර දොරේ වැඩ බලාගන්න පුලුවන් හින්දත් රන්දුණු මහත්තයාම මැදිහත් වෙලා පහුගිය කාලෙ මාව ටෙක් එකේ කෝස් එක්කට දැම්මා....හොටෙල් කෝස් එකක්....මට හොඳට උයන්න පිහන්න පුලුවන් නිසා ඒ කෝස් එක හොඳට කරගන්න එක සෑහෙන වැදගත් වෙයි කියල මහත්තයා පැහැදිලි කරල දුන්නා....

අත්තම්මට උයන්න කරදර කරන්න බැරි හින්දා කෝස් එකට යන දවසට උදෙන්ම නැගිටලා උදේට දවල්ට එකටම උයලා යන්න මං පුරුදු වුණා....රෑට ඉතිං ගෙදර ඇවිල්ලා උයනවා....

රන්දුණු මහත්තයලත් ගමට ඇවිල්ල දැන් මාස පහකට වඩා වැඩී.....මේ කාල මම දැක්ක දෙයක් තමයි ඒ ගොල්ලො ගමේ කා එක්කවත් කිසි ඇයි හොඳයියක් නෑ කියන එක....ඒ ගොල්ලො කතා බහ කරේ අපි එක්කයි මුදලාලි මාමා එක්කයි විතරයි....සමහර දවස් තිබ්බා රන්දුණු මහත්තයා රටක් රාජ්‍යයක් හම්බෙලා වගේ සතුටෙන් ඉඳපු....හේතු ඇහුවට කියන්නෙත් නෑනෙ ඉතිං....එහෙම දවසට අපිටත් වාසි හම්බුණා...මම කලින්ටත් වඩා දැන් රන්දුණු මහත්තයට ලඟයි කියලා මටම තේරෙනවා....මම හැමදේම එයාගෙන් අහල කරන්න පුරුදු වෙලා....ඒ වගේම පහුගියේ ටිකේ හරිහැටි තේරුන් ගන්න බැරුව දඟලපු ඒ මට දැනෙන හැඟීම මොකද්ද කියලත් මම දැන් දන්නවා....මං හිතන්නෙ මම රන්දුණු මහත්තයට ආදරේ කරන්න අරන්....කිසිම දවසක මගෙ දිහා වැරදි ඇහැකින් වත් බලන්නෙ නැති එයා මං ගැන මොනවා හිතනවද කියන්න මම දන්නෙ නෑ....හැබැයි මම දන්නවා මගේ පැත්තෙන් මේක තව ගොඩක් කල් හංඟන් ඉන්න නම් බැරිවෙයි....රන්දුණු මහත්තයා ගාව මමයි මගේ පපුවයි ඉවසන ඉවසිල්ල දන්නෙ අපි දෙන්නම විතරයි....

සුද්දියයි රකිත් අයියයිත් දැන් ටිකක් විතර එකතුයි....එහෙමයි කියල මහලොකු ඇයි හොඳයියක් නෑ.....කොහොමත් රකිත් අයියා මා එක්ක විහිලු තහලු කරාට අපේ සුද්දියා එක්ක එහෙම ලඟ ආස්‍රයක් නෑ.....ඒ උනත් අත්තම්මා දවසක් සුද්දියාට බනිනවා මට ඇහුණා උඹ අර රකිත් මහත්තයා එක්ක මුකුළු කරලා අහුවෙන්න එපා කියල....අනේ මන්දා මම නම් එහෙම එකක් දැක්කෙ නෑ....ඒ දෙන්න හරියකට කතා කරන්නෙවත් නෑ....මට තේරෙන්නෑ අනේ....අත්තම්මම තමා දන්නෙ ඒවා....

සියපත්Where stories live. Discover now