31 කොටස

618 104 39
                                    

රන්දුණු POV

"ඈ බන් රකිත්....උඹ දැන් කියන්නෙ පස්සෙන් යමු කියලද...."

"ම්ම්...නැගපන්කො...මම කියන්නෙ බොරුද කියල ගිහින්ම බලපන්....මට තේරෙන්නැත්තෙ මුන් අරවින්දි වගේ කෙල්ලෙක් උන්ගෙ ගැන්සියට අරන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ කියල....දැන් බලපන් අර සවින්දිද මොකීද කියන එකී අර මායාදුන්නෙ ඇමතියගෙ බාල කෙල්ල....ඊළඟට අකේශි....ඕකි ජයනායක එන්ට්‍රප්‍රයිසස් එකේ එකම කෙල්ල....ඊළඟට අනිකි මොකීද....මොකද්ද බන් නම කීවෙ...."

"මතක නෑ බන් රයිනිද මොකද්ද රෙද්දක්..."

"ආන් රයිට් රයිනි....ඕකිවත් මට නෝට්....ඕකි ඇවිල්ලා බ්ලූ මූන් එකේ මිනිහගෙ බාල දෝණි ඇන්දා....ඔක්කොම වේසකමේ යන දාර බඩු....සල්ලි කඳවල්....අපේ එකී කොහොමද බන් මුන්ට සෙට් වුනේ...."

"මන්දන්නෙ කොහොමද බන්....යමන්කො එහෙ මෙහෙ උනොත් උන්ව මඟඇරෙයි...."

"මඟඇරෙන්නෑ බන් ඕකුන් යන්නෙ එකම ක්ලබ් එකට..."

අරවින්දිගෙ යාලුවො කියල ගෙදර ආව කෙල්ලො ටික දැක්ක වෙලේ ඉදන් රකිත් පුපුරනවා....ඌමයි කිව්වෙ උන් ගෙදරින් ගිය ගමන් පස්සෙන් යමන් රඟේ පෙන්නන්න....කටින් කිව්වට වැඩක් නෑ කියල....ඒකයි මැණික්ටත් නොකියා මම මූ එක්ක එලියට ආවෙ....රකිත් කියන විදිහට උන් ඔක්කොම සල්ලිකාර පවුල්වල කෙල්ලො....එච්චර හොඳ කැරැක්ටර් එකක් තියෙන උන් නෙවේ වගේ....අරවින්දිගෙ වෙනස් වීමට හේතුව හොඳටම පැහැදිලියි දැන්නම්...මටත් දකිද්දිම ඇල්ලුවෙ නෑ එකෙක්වත්....

"අඩෝ රකිත් මේක....මේ මේවට වයස අඩු උන්ට එන්න දෙනවද බන්...."

"ඕකුන් සල්ලි බලේ පෙන්නලා මේවට රිංඟන්නෙ මම නොදන්නවද....ඇටෙන් පොත්තෙන් එන්න කලින් ක්ලබ් බහින්නෙ...දහ අට වෙනකොට උන් නටලා නැති වන්නමක් නෑ..."

රකිත් වාහනේ නැවැත්තුවෙ නයිට් ක්ලබ් එකක් ගාව....එසේ මෙසේ එකක් නෙවෙයි මම හිතන්නෙ හයි ලෙවල් උන් එන එකක්....රකිත් කප්පිත්තා හින්දා මේවා ගැන ඒ ටු ඉසඩ් දන්නව....

"වරෙන්කො යන්න ඇතුලට...."

සවින්දිද කව්ද කෙල්ල මගින් බැහැලා යද්දි අනිත් උන් දෙන්නා කෙලින්ම ආවෙ ක්ලබ් එකට...ඇමති දෝණි අද ක්ලබ් බහින්නෑ වගේ....රකිත් එක්කම ඇතුලට ආව මං අඳුරු කොනක ටේබල් එක්ක වාඩි උනා....එතන නිකන් ඉන්න බැරි කමට කොක්ටේල් දෙකක් ගෙන්න ගත්ත අපි ඒක හෙමින් බොන්න ගත්තා....

සියපත්Where stories live. Discover now