22 කොටස

641 108 5
                                    

"මහත්තයා රකිත් අයියා ප්‍රශ්නයක් දාන එකක් නෑ නේද...."

සති අන්තයත් එක්ක සිකුරාදා සඳුදා දවස් දෙකෙත් නිවාඩු වැටුන දිග සතිඅන්තෙක අපි සුද්දිව ගෙදර එක්කන් ආවා....බ්‍රහස්පතින්දා හවස එක්ක එක්ක ආවෙ ආයෙ සඳුදා හවස ගිහින් අරින්න පුලුවන්නෙ....සුද්දි ආව හින්දා රකිත් අයියට රජ මගුල්....දැනුත් සුද්දි ලඟින් ඉදන් මොනවදෝ කියනවනවා මායි මහත්තයි බලාගෙන....

""අපි බලන් ඉමුකො මැණික්....රකිතයව එකපාර විශ්වාස කරන්නත් බෑ....හැබැයි ඕකා මේ පාර සීරියස් කියල මට හිතෙනවා ...මමත් ඉන්නවනෙ ....ඌට මේ පාර පිස්සු නටන්න මම ඉඩ දෙන්නෙ නෑ....කොහොමත් රකිත් ගමට ආවට පස්සෙ සෑහෙන වෙනස් උනා....මම ඔයාට කීවෙ බබා ඕකා ඩ්‍රග් ඇල්කොහොල් වලට ඇබ්බැහි වෙලා හිටපු විදිහට මෙහෙ ඇවිත් පාඩුවෙ හිටපු එකම පුදුමයක් ...එදා අර රෑ බීව එක විතරනෙ....මිනිහට උවමනාව තියෙයිනම් හැදෙන්න හොඳටම පුලුවන්....අපි ඌට චාන්ස් එකක් දීල බලමු...."

නිවාඩු දවස් ටික වේගෙන් ගෙවිලා ගියෙ සඳුදාවත් ඇවිල්ලා....හවස සුද්දිව ගිහින් දාල එන්න යන්න ඕනි....මේ දවස් තුන මම හිටියෙ අපේ ගෙදර....සුද්දි ආව හින්දා මට මහත්තයාගෙ දිහා ඉන්න බෑනෙ....සුද්දි ගෙනියන දේවල් ලෑස්ති කරනවා.....කෙල්ලගෙ කොන්ඩෙ තව ට්කක් වැවිලා....පාටත් වැටිලද මන්දා....රන්දුණු මහත්තයාගෙයි මගෙයි සම්බන්දෙ දැනගත්තම සුද්දි ගොඩක් සතුටු වුණා....මට කට කැඩිච්ච කතාත් නොකීවම නෙවෙයි....

"ඔක්කොම දාගත්තද සුද්දියෙ...."

"ඕ තව පොත් වගයක් තියේ එච්චරයි....මේ ඒක නෙවේ අයියෙ....අර රකිත් අයියා දැන් හෙන හොඳයිනෙ ඕයි....මා එක්ක සෑහෙන වෙලා කතා කර කර හිටියා....මොනවමහරි අඩුපාඩුවක් තියේ නම් කියන්න කියලත් කිව්වා....එයා අරන් දෙන්නම් කියල...."

"හ්ම්ම්....ඉතිං ඔයා මොකද කීවෙ...."

"මං කීවා ඔයා මොකටද....මම ඔනෑනම් අපෙ අයියට කියන්නම් කියල....ඊට පස්සෙ මූණ එල්ලන් හිටියා....මොකක් වෙලාද මන්දා...."

එයාට ආදර මාන්දම හැදිලා කියල කියන්න කට නලියෑවත් මම පාඩුවෙ හිටියෙ ඕවා දැම්මම සුද්දිගෙ ඔලුවට දාන්න ඕනි නැති හින්දා....

සියපත්Where stories live. Discover now