27 කොටස

702 104 17
                                    

මගෙ හොටෙල් කෝස් එක සම්පූර්ණයෙන්ම ඉවර උනා...ඒ කෝස් එකෙන් පස්සෙ මට ඕනි හොටෙල් එකක ජොබ් එකක් කරන්න සුදුසුකම් තිබුණා උනත් මහත්තයාට කිව්වෙ මම ඔතනින් නවතින්නෙ නැතුව තව ඉගෙනගන්න ඕනි කියල....එයා මාව ඕලෙවල් වලින් පස්සෙ කරන්න පුලුවන් බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එක්කට ප්‍රයිවට් කැම්පස් එක්කට දැම්මෙ දැන් සතියකට විතර කලින්....මම දැන් කැම්පස් යන කොල්ලෙක්....මහත්තයා මට හොඳ මඟපෙන්වනෙක්...මම කරන්න ඕනි මොකද්ද කරන්න ඕනි කොහොමද මගෙ අනාගතේ ගොඩ නගා ගන්නෙ කොහොමද ඒ හැමදේම එයා හරි ලස්සනට මට කියාදෙනවා...මගෙ පස්සෙන් ඉඳන් හයියක් වෙනවා....

කැම්පස් ගියාට කැෆේ එකේ ජොබ් එකට මම තාමත් යනවා....මහත්තයා නම් අකමැතියි....ඒ උනාට පාට් ටයිම් වැඩ කරන්න මට ඉඩ දුන්න මම කැමති හින්දා....හවස් වරුව විතරක් වැඩ කරන හින්ද වෙනදට වඩා මම ගෙදර එන්න පරක්කු වෙනව දැන්....මහත්තයාට පුලුවන් දවසට මාව ගෙදර එක්ක යන්න ආවා....සමහර දවසට රකිත් අයියත් එනවා....ඒ නැතත් මට දැන් තනියෙම යන්න එන්න පුලුවන්....මේ පරිසරේ මට ගොඩක් දුරට හුරුයි....

සුද්දි ගොඩ දවසකින් මාත් එක්ක රණ්ඩු ඇල්ලුවෙම නැ...එදා රකිත් අයියා එලියට එක්ක ගිහාම සුද්දිට ෆෝන් එකක් අරන් දීලා තිබුණා....මම කිව්ව එකම දේ ඕක ගත්තට කමක් නැ හරියට ඉගෙනගන්න කියන එක විතරයි....ඒක කිව්වා කියල දවසක් විතර පුප්පලා දැන්නම් පාඩුවෙ ඉන්නවා....ඒ උනත් කොයි වෙලේ බැලුවත් ෆෝන් එක ඔබනවාමයි වැඩේ....මොකද කරන්නෙ ඇහුවොත් මොකුත් නෑලු....එක්කො රකිත් අයියා එක්ක කතාවක්ලු....රකිත් අයියා හින්දා මට මොනවත් කියන්නත් බෑ....අනේ මන්දා මොනවා කරගනීද කියල....මම දැන් සුද්දිට බනින්න යන්නෙ නෑ....මහත්තයා එහෙම එපා කීවනෙ....

"සියපත් මල්ලි තුනේ ටේබල් එකට මේ ටික අරන් පලයන්කො...එන ගමන් පස් වෙනි ටේබල් එකෙන් ඕඩර් අරගෙනම වරෙන් ඈ....මට මෙතන වැඩ ගොඩයි බන්...."

"ආ හරි අයියෙ....මම අරන් එන්නම්..."

දැන් හයටත් කිට්ටුයි...මම වෙනදට ගෙදර යන වෙලාව පහුවෙලා උනත් අද නම් යන්න වෙන එකක් නෑ වගේ....කැෆේ එකේ සෙනඟ වැඩී අද....වෙනදට කොල්ලො දෙතුන් දෙනෙක් වැඩට හිටියත් අද සහන් අයියයි මායි විතරයි....උදේ කැම්පස් ගිය පාර මම එහෙමම වැඩට ආවෙ....ටිකක් මහන්සියි....ඒ උනාට ගානක් නෑ...මහත්තයට නම් කියන්නෑ....කීවොත් බැනුම් තමයි...

සියපත්Où les histoires vivent. Découvrez maintenant