34 කොටස

622 99 36
                                    

"අඩෝ මට බයත් හිතෙනව සුද්දො....කෙල්ල බෑ කියයිවත්ද...."

"පිස්සු හිතන්නැතුව ඕන් ඔය ටික පුම්බල ඉවර කරන්න රකිත් අයියෙ....තව පොඩි වෙලාවනෙ තියෙන්නෙ....බලන්නකො දොළහට ලඟයි...."

සුද්දිගෙ දහ අටවෙනි උපන්දිනේ....ඒ විතරක් නෙවෙයි අද රකිත් අයියට නම් විශේෂම දවසක්....අද එයාගෙ ආදරේ සුද්දි ඉස්සරහා වචනෙන්ම කියන්නයි ඔය ලෑස්තිය....මට දාහක් දේවල් පොරොන්දු වෙලා මහත්තයාගෙනුත් අවවාද දාහක් අහගෙනයි රකිත් අයියා මේ දේට ලෑස්‍ති උනේ....දහඅට ලැබුවා කියල සුද්දි මහලොකු කෙල්ලෙක් නෙවෙයි....හැබැයි ඉතිං සුදුසු කෙනෙක් ඉන්නවා නම් ආදරේ කරන්න තහනමකුත් නෑනෙ තමන්ගෙ ඉගෙනීමට බාදාවක් නොවී....

කොහොමත් රකිත් අයියා සුද්දිට හයියක් වෙනවා මිසක් බාධාවක් වෙන්නෙ නෑ කියලනම් හොඳටම විශ්වාසයි....එයා ඉස්සර වැරදි කරන්න ඇති....හැබැයි දැන් එහෙම නෑනෙ....මනුස්සයෙක්ට වෙනස් වෙන්න අවංක වෙන්න අවස්තාවක් තියෙන්න ඕනි....මං හිතනවා මගෙ නංගිව භාරදෙන්න හොඳම කෙනා රකිත් අයියා කියල....එයාගෙ ගෙදරින් පවා අවසර අරන්ලුනෙ ඉන්නෙ ඔය....සුද්දිත් අකමැති නෑ රකිත් අයියා බොරුවට බය වෙලා දැඟලුවට....

"රකිත් මේ.... ආදරේ කියන්න ඉඩ දුන්නා කියල බැන්දා වගේ හැසිරෙන්න එහම උඹ හිතන් ඉන්නවා නම් ඒවා වානා මචන් හරී....කෙල්ල තවම ඉස්කෝලෙ යන ළමයෙක් කියන එක ඔලුවෙ තියාගෙන වැඩ කරපන්...."

"හරි බන්...මට දැන් පාඩම් ඕවා....ඒ උනාට අහපන්කො රන්කඳ...රජකාලෙ නම් කෙල්ලො දාසය වෙනකොට බැඳල දහඅට වෙනකොට ලමයි දෙන්නෙක් විතරත් හදලා...."

"ඒ රජ කාලෙනෙ....තෝ රජෙක් නෙවෙයි....රජෙක් උනත් මට ඒවා අදාලත් නෑ...."

"කෙල්ලගෙ අයියා පැත්තක මූ බලහල්ලකො...නැද්ද සුද්දා...මේකා තාත්තගෙ පාට් එක කරන්නෙ කෙලිම්ම...."

මහත්තයත් කතාවට අඩුවැඩිය එකතු කරද්දි මම ගිහින් කේක් එක අරගෙන ආවා....අද දවාලෙ ඉදන් මම මේක හදන්න මහන්සි උනා....සුද්දිගෙ ආසම පාටවල් උනු කහ සුදු පාටවල් තමයි අපි හැමදේටම පාවිච්චි කරේ....මහත්තයි අයියයි සාලෙ පුංචියට ඩෙකරේට් කරද්දි මං කේක් එක තියල බීම ස්නැක්ස් අනම් මනම් දේවල් ලෑස්ති කරල ගත්‍තා....

සියපත්Tempat cerita menjadi hidup. Temukan sekarang