02 කොටස

994 161 25
                                    

"සියපතෝ....ආන් මේ තේ කොල සීනි ටික අරන් අර මහත්තුරුන්ට තේ ටිකක් ලෑස්ති කරපන්කො....මං බලල එන්නම් ගේ පැත්ත...."

කොළඹ මහත්තුරුන්ට ගේ කුලියට දෙන වැඩේ ගැන අපිටත් වඩා උනන්දුවෙන් වැඩ කරේ මුදලාලි මාමා...අත්තම්මත් කැමති වුණු හින්ද අද උදෙන්ම ඒ මහත්තුරු ආවා ගේ බලන්න....ඔක්කොමලා හතර දෙනෙක්ද කොහෙද.....බැලූ බැල්මට නම් මහ වයසක් පෙනුණෙ නෑ....විසි පහක් විසි හයක් වගේ ඇති.....

"අත්තම්මෙ අර මහත්තුරුන්ට තේ හදන්න කීවා...."

"අනේ මට මේ පේන්නෙත් නැතුව හරියකට ඕක හදන්න බෑ සුද්දා පුතේ....උඹම හදාපන්කො හෙමින්....අර කබඩ් එකේ තියෙන පීරිසි කුට්ටම් ටික ගනින්....කොළඹ මහත්තුරුනෙ...."

අම්මගෙ පීරිසි කෝප්ප සෙට් එක....එකම එක පාරක් ඇරෙන්න මේ පීරිසි කෝප්ප කබඩ් එකෙන් එලියට අරන්ම නෑ.....පලවෙනියටම ගත්තෙ සුද්දි ලොකු මෙහෙණි උන දවසෙ....ආයෙ ඉතින් ඒවා එලියට ගන්න තරම් අවස්තාවක් අපේ ජීවිත වලට ඇවිල්ලා නෑ.....මට අද වගේ මතකයි එදා අම්මගෙ මූණෙ තිබ්බෙ ආදරේ පිරුණු හිනාව....අප්පච්චිගෙ මූණෙ තිබ්බ ආඩම්බරකාර හිනාව....අම්මයි අප්පච්චියි දෙන්නම එදා නංගිව මට බාර දුන්නා....ඒ දෙන්න නැති කාලෙක ඇහැක් වගේ ඒකිව පරිස්සම් කරන්න කිව්වා....එදා මම හිතුවෙ නෑ අම්මා අප්පච්චි නැතුව නංගි බලාගන්න වෙන දවසක් මට ඒවි කියල.....ඒත් ඉතිං සුද්දි  ලොකු ලමයෙක් වෙලා අවුරුද්දක් යන්නත් කලියෙන් අම්මයි අප්පච්චියි දෙන්නම යන්නම ගියෙ අපි මේ ලෝකෙ තනි කරල....මට තේරෙන්නෑ අදටත් අත්තම්මාත් නොහිටියානම් මම මොනවා කරයිද කියල.....මට කියලත් මොනවා තේරෙනවද...

අම්මා ඉස්සර මට කිව්වෙ මම අම්මගෙ සුදු නෙළුම කියල.....නංගි අප්පච්චිගෙ සුදු නෙළුමලු....ඒ හින්දම වෙන්නැති මට සියපත් කියලත් නංගිට අරවින්දි කියලත් නම තියන්න ඇත්තෙ....අම්මගෙ පෙනුම අරන් ඉපදුණු අපි දෙන්නම ගමේ කාටත් වඩා රූපෙන් පාටින් ඉස්සරහින් හිටියා වගේම අපි දෙන්නටම අකුරු සාස්තරෙත් හොඳටම පිහිටලා තිබුණා...නංගිටත් වඩා මම පාටින් වැඩි වෙද්දි මම කාගෙත් සුද්දා උනා....නංගි කාගෙත් සුද්දි උනා....වෙන්න තියෙන දේවල් වලක්වන්න බැරි කොට මගෙ ඉගෙනීම එහෙමම නවතිද්දි නංගිටවත් දිගටම උගන්නන්න මම දතකන්නෙ මට නැති දේ ඒකිට අරන් දෙන්න හිතාන....අම්මා අප්පච්චි උනත් ඉන්න තැනක ඉදන් සතුටු වෙයි මම නංගිව හොඳට බලාගන්නවා කියල....

සියපත්Where stories live. Discover now