53 කොටස

558 104 33
                                    

පැය කීපෙක ගමනකට පස්සෙ මම ආයෙම මගෙ උපන්ගමට අඩිය තිබ්බා....මෙහෙන් ගිය කොල්ලා විදිහට නෙවෙයි ඊට වඩා ගොඩක් දේවල් වලට මූණ දුන්න හිත ගලක් කරගත්ත කොල්ලෙක් විදිහට...දරුවෙකුත් එක්කම....

ගෙවල් දෙකෙන් එකක්වත් දරුවෙක් අරගෙන යන්න පුලුවන් තත්වෙ නොතිබ්බ හින්දම මට සම්පූර්ණ දවසක් ගත කරන්න උනේ මුදලාලි මාමගෙ ගෙදර....මුදලාලි මාමා මොනවත්ම නාහා මටයි දරුවටයි ඉන්න ඉඩ දුන්නත් මුදලාලි නැන්දගෙ ප්‍රශ්නවලනම් ඉවරයක් නැති උනා...ඒ අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ....මම හිටියෙම මේ ගෙදරින් යන්නෙ කීයටද කියල....

මුදලාලි මාමම මැදිහත් වෙලා මහත්තයාලට කුලියට දුන්නු ගෙදර මිනිස්සු කීප දෙනෙක් අඬගහගෙන සුද්ද කරල දුන්නා....මම හිටපු ගෙදර උලු පවා බිඳිලා ගිහින් බිත්ති ගරා වැටිලා....ඒක කොහොමත් ඒ දවස්වලත් ගරා වැටුණු ගෙයක්නෙ....මහත්තයාලට දුන්නු ගෙදර අලුතෙන් හදපු හින්දම එච්චර දෙයක් වෙලා නෑ....

ගේ අස් කරපු ගමන්ම ආපු මිනිස්සුන්ට ස්තූති කරල පඩි නඩි බේරපු මං පුතාව පොඩ්ඩකට මුදලාලි නැන්දට දීලා ගේ බලන්න ආවා....තව සුද්ද කරන්න පිලිවෙලක් කරගන්න දේවල් ගොඩයි...ඒ උනත් පුතායි මායි ඉන්න කාමරේට මුල් තැන දුන්න මං කොළඹ කාමරේ තරමට නැතත් පුලුවන් උපරිමෙන් පුතා වෙනුවෙන් කාමරේ අස් කරල ලෑස්ති කරා....ඒ වැඩ ටික ඉවර වෙනකොට හවස් වෙලා තියෙද්දි මුදලාලි මාමගෙ දිහාට ගිහින් ඉක්මනට නාගත්ත මං පුතා ගාවට ගියා....

අනේ ඒකාට නැන්දගෙ තුරුල්ලෙම නින්ද ගිහින්....මගෙ දරුවා....මම දෙනවට වඩා උණුහුමක් එයාට නැන්දගෙ තුරුල්ලෙ දැනුනද දන්නෙ නෑ....අම්මගෙ උණුහුමක්වත් නොලබපු කොල්ලට මුදලාලි නැන්දා තමයි ඉස් ඉස්සෙල්ලම දැනුන ගෑනු උණුහුම...

"පුතා දඟ කෙරුවද නැන්දෙ...."

"මොන පිස්සුද කොල්ලො...ඔය හරි අපූරුවට හිටියෙ මා එක්ක හිනා වෙවී....කිරි එක පෙව්ව ගමන් නින්ද ගියා....සීදේවි පැංචා....බලාපන් සුද්දි කෙල්ලමයි ඇරපු අතක් නෑ...."

"එයා සුද්දි වගේ තමා නැන්දෙ....පුතාව ගන්නම්ද....ඇඳෙන් තියමු...."

තවත් මෙතන රැඳුනොත් වෙන්නෙ මතක ඇවිස්සි ඇවිස්සි මගෙ හිත රිදෙන එක කියල තේරෙද්දි පුතාව ගත්ත මං අපිට දුන්න කාමරේට ආවා....

සියපත්Où les histoires vivent. Découvrez maintenant