43 කොටස

537 100 24
                                    

"මහත්තයා....සුද්දි කොහෙ ගිහින් ඇතිද...."

"පොලිසියත් දැනුවත් කරානෙ මැණික්....අපි කොහෙන්හරි නංගිව හොයා ගමු...කොහෙ ගියත් වැඩි දුරක් යන්න නෑනෙ තවම...."

කෝල් එක ආව සැනින් අපි හොස්පිට්ල් එක ආවත් මේ මහ රෑ කෙල්ල කොහෙ කියල ගිහින්ද හිතා ගන්න බැරි වෙද්දි රකිත් අයියටත් කෝල් කරල ගෙන්නගත්ත අපි හොස්පිට්ල් එකේ හැම තැනකම සුද්දිව හෙව්වා...සුද්දිගෙ සේයාවක්වත් කොහෙවත් නොවෙද්දි මට පිස්සු හැදුනෙ නැති ටික විතරයි....ඇයි දෙයියනේ මේ කෙල්ල අපිට මේ තරම් ගින්දර දෙන්නෙ...

එලිය වැටෙනකල්ම කොළඹ පුරාවට හෙව්වත් හෝඩුවාවක් නැති තැන රකිත් අයියයි මහත්තයායි පොලිසිය දැනුවත් කරා....අපි තුන්දෙනා විතරක් තනියෙන් කොහොම කියල හොයන්නද....ෆොටෝ පෙන්න පෙන්න ඇහුවත් දැකපු කිසි කෙනෙක් නොවෙද්දි හෙම්බත් උනු අපි ආපිට හොස්පිට්ල් එකටම ආවෙ කරන්න කිසි දෙයක් නොවෙද්දි...

"මචන් මම අපේ එවුන් කිප දෙනෙක්ටත් වැඩේ බලන්න කිව්වා....සුද්දා නංගි උඹට ගෙදරින් යනවා වගේ දෙයක් ඉඟිකරලවත් තිබ්බද...."

"එහෙම මොකුත් නෑ දෙයියනේ...ඔයාම දැක්කනෙ රකිත් අයියෙ හවස මාව බදාගෙන ඇඬුවා එච්චරයි....පුතා බලන්න බෑ කිව්වා....හැමදේම උනේ එයා හින්දා කිව්වා...."

"බබා අපි දැන් මෙතන ඉඳල තේරුමක් නෑනෙ....ගෙදර යන්...ඔයා ගෙදර ඉන්න....බැරි වෙලාවත් අරවින්දි ගෙදර ආවොත්....මමයි රකිතුයි එලියෙ හොයන්නම්....පොලිසියත් ඉන්නවනෙ...."

"මචන් රන්දුණුවා තේමිය අංකල්ට කියල බලමුද....එයාට රට වටේම කන්ටැක්නෙ...."

"තාත්තට කියන්න පුලුවන් බන්....හැබැයි ඒ වෙනුවට එයා මගෙන් මොනවා ඉල්ලයිද කියලයි ප්‍රශ්නෙ....දන්නවනෙ හිතක් පපුවක් තියෙන මිනිහෙක් නෙවේ ඒ....යමන්කො දැන් ගෙදර....මැණික්ව දාල ඊට පස්සෙ මොකක් හරි බලමු....."

මාව ගේ ගාවින් බස්සපු මහත්තයාලා යන්න යද්දි ගෙදර ඇවිත් සෙටියට වැටුණු මට හයියෙන්ම ඇඬුනා....සුද්දි කොහෙ ගිහින් ඇතිද....කරදරයක් වෙලා ඇතිද....නැත්තන් ජීවිතේ නැති කරගන්න වත් හිතුවද.....නෑ ඒකි එච්චර මෝඩ නැතුව ඇතිනෙ....

සියපත්Where stories live. Discover now