14 කොටස

790 132 7
                                    

"අනේ මහත්තයා මගෙ අත්තම්මා....අත්ත...ම්..මේහ්...."

කෝල් එක ආව සැණින් රන්දුණු මහත්තයා එක්ක හොස්පිට්ල් එකට ආව මට දකින්න හම්බුණේ සුදු රෙද්දකින් වහලා ඉඳපු මගෙ අත්තම්මා....මම අඬාගෙන ඇඳ ගාවට දුවද්දි මාව දැකපු සුද්දිත් අඬාගෙන ඇවිල්ලා මගෙ එල්ලුනා....

"සුද්දයියෙ...අනේහ්....හ්...අත්...තම්මා....අනේ...."

රන්දුණු මහත්තයා අපි දෙන්නට අඬන්න එපා කීවෙ නෑ....එයයි රකිත් අයියයි එතන ඩොක්ටලා එක්ක මොන මොනවදෝ කතා කරා....ඊට ටික වෙලාවට පස්සෙ රකිත් අයියා කොහෙටද යන්න යද්දි රන්දුණු මහත්තයා අපි ගාවට ආවා....

"සියපත් අපි දැන් ගෙදර යන්කො....ම්ම්.....අත්තම්මා ගේනකොට ගේ පොඩ්ඩක් අස් කරල තියන්න ඕනි නේද...."

"අනේ මහත්තයා අත්තම්මා රෑට කෑමත් කෑවනෙ....මමමයි කැව්වේ.....හොඳට කතා...ත් කරා එයා....බෙහෙතුත් බීවනෙ...."

"ෂ්....අරවින්දි හොඳ දරුවා වගේ කියන එක අහන්නකො....අපි දැන් ගෙදර යන්....ඔයාල ඔහොම ඇඬුවොත් මොනවත්ම කරන්නෙ කොහොමද...."

රන්දුණු මහත්තයා අපි දෙන්නව එක්කගෙන ගෙදර ආවා....මම හිටියෙ තනිකරම අවසිහියෙන්....ගොඩාක් දේවල් මගෙ ඔලුව ඇතුලෙ කැරකුනා....ඒත් එකක්වත් හරියට තේරුම් බේරුම් කරගන්න තරම් මානසිකත්වයක් මට තිබුණෙ නෑ....

අත්තම්මා නැතිවුණා කියන ඇත්තට මූණ දීගන්න බැරුව මායි සුද්දියි පිස්සුවෙන් අඬද්දි හැමදෙයක්ම බලල කරේ රන්දුණු මහත්තයායි රකිත් අයියයි.....

පහුවදා දවාලෙ අත්තම්මාව අරගෙන හර්ස් එක ගෙදරට එනකොට අත්තම්මාව නිදි කරපු පෙට්ටිය සාලෙ මැද්දෙ තියනකොට අඬලා අඬලම සුද්දිට මගෙ අතේම සිහි නැති වෙනකොට කරකියාගන්න දෙයක් නැතුව මම අසරණ වුණා....මගෙ එකම හයිය වුණේ රන්දුණු මහත්තයා වෙද්දි මගෙ වේදනාව මම සම්පූර්ණයෙන්ම එයා ගාව දිය කරා....

අන්තිමේ හෙම්බත් වුණු මං රන්දුණු මහත්තයා කීවා වගේ අඬලා හරියන්නෑ කියල තේරුම් අරන් මගෙන් වෙන්න ඕනි යුතුකම් අන්තිම වතාවට අත්තම්මා වෙනුවෙන් ඉෂ්ඨ කරන්න හිත හදාගත්තා....

අත්තම්මාව ගෙදරට ගෙනාවත් එන්න කියල කිසි නෑදෑයෙක් නොවෙද්දි දවසක් ඇතුලත අවසන් කටයුතු කරන්න තීරණේ කෙරුනා....මුදලාලි මාමගෙ ගෙදර අය එක්ක තව ගමේ අහල පහල මිනිස්සු අත්තම්මට අවසන් ගෞරව දක්වන්න ඇවිත් හිටියා....ඒ ආව මිනිස්සුන්ට අත්තම්මා නැති වෙච්ච එකටත් වඩා අපිට උදවු කරන රන්දුණු මහත්තයාලා කවුද කියලා ඕපාදූප හොයන එක වැදගත් වෙලා තිබ්බ හින්දා මම හිටියෙ සෑහෙන කලකිරීමකින්....

සියපත්Where stories live. Discover now