11 කොටස

828 146 30
                                    

අත්තම්මාව හොස්පිට්ල් එකෙන් එක්කන් ආවා වෙද්දි ඇහැට දාන්න බෙහෙත් දීලා තිබුණා වගේම උණුවතුරෙන් ඇඟ හෝදන්න කියල උපදෙස් දීලා තිබ්බා.....දවස් කීපයක් ඉඳලා නාන්න පුලුවන්ලු....සුද්දියි මමයි හැමවෙලේම අත්තම්මා ගැන බැලුවා....රන්දුණු මහත්තයා අච්චර වියදම් කරල ඔපරේශන් එක කරල දුන්නම අපේ නොසැලකිල්ලක් හින්දා මොනවාහරි නරකක් වෙයි කියල මම බයවුණා.....

දවස් එකින් එක ගෙවිලා ගියෙ මම උදේට දවල්ට රෑට සුපුරුදු විදිහටම මහත්තයලට කෑම උයන් අරන් යද්දි....අත්තම්මාට දැන් හොඳට පේනවා....මහත්තයට පින් සිද්ධ වෙන්න තමයි ඉතිං....රන්දුණු මහත්තයා එකපාරට දවසක් දෙකක් අතුරුදහන් උනත් ගොඩක් වෙලේට ගෙදරම හිටියා....මේ ලඟදි දවසක ජෝඩු අයියලා දෙන්නා ආපහු කොළඹට යන්න ගියා....ඒ ගොල්ලො ආව වැඩේ ඉවරලුනෙ....අනේ මන්දා මාස දෙකක්වත් හිටියෙ නෑ ඒ දෙන්නා....

නංගිගෙත් විභාගෙ ලඟ ලඟම එනවා....තව හරියටම මාස තුනක් වගේ තියෙන්නෙ....දැන් නම් අමතර පන්තිත් යන හින්දා අමාරු විෂයනුත් කෙල්ල ගානට අල්ලන් යනවා....පහුගිය කාලෙ කටු විතරක් තිබ්බ නංගිගෙ ඇඟ දැන් ටිකෙන් ටිකෙන් හැදීගෙන එනවා මටම පේනවා....හරියට කෑම බීම හම්බෙනකොට කවුරු උනත් එහෙමනෙ....කෙල්ල දැන් හිටියටත් වඩා ලස්සන වෙලා....මට ලෝභයි ඒ වගේම බයයි....සුද්දි කියන්නෙ සම්පූර්ණයෙන්ම මගෙ වගකීම....

"රන්දුණුවො මේ දැන් අපේ සුද්දා පොඩ්ඩක් බෝල වෙලා නේ....බලහන්කො මූගෙ අර ඇට කටු ටික වැහිලා ගිහින්....ඇස්වහක් කටවහක් වදින්න එපා ඇත්තටම උඹ නංගිටත් වඩා මාර ලස්සනයි බන්....බයි වත් උනානම් අම්මපා මම උඹව දාගන්නවා...."

"රකිත්....!!"

රකිත් අයියත් මොනවා කියෝනවද මන්දා....ඒ කටට කිසි පාලනයක් නෑ....කියන සමහර දේවල් මට තේරෙන්නෙත් නෑ....රන්දුණු මහත්තයා රවද්දි මාරු වෙලා ගියත් මොකක් හරි කටකැඩුණු කතාවක් කීවෙ නැත්තන් රකිත් අයියට දවස ගෙවෙන්නෙ නැද්ද කොහෙද....

"සියපත්...."

"ඕ මහත්තයා..."

"හවස යන්ද මාත් එක්ක ටවුන් එකට ගිහින් එන්න...."

"හ්ම් හා යන්..."

දැන් ටික දවසක ඉදන් මට මහ අමුතු අමුතු දේවල් හිතෙන්න දැනෙන්න පටන් අරන්....මං දන්නවා මේක විකාරයක් වගේ තමයි.... ඒ උනත් රන්දුණු මහත්තයා ගාවදි මගෙ හිත පිස්සු නටන්න ගන්නවා වගේ මට දැනෙනවා....මුල් දවස්වල නොදැනුන ලැජ්ජාවක් දැනෙනවා.....මූණට ලේ පිරෙනවා....මහත්තයා ගාව ගුලි වෙලා නිදාගත්ත දවසෙ ඉදන් තමා මේ කෝලන් ඔක්කොම....අනේ මන්දා ඒ උණුහුම හැමදාම විඳින්න තියේ නම් කොච්චර හොඳද වගේ එකක් මට හිතෙනවා.....පොඩ්ඩක් සැර කරත් අඬන්න හිතෙනවා....මගෙත් එක්ක කතා නොකරොත් දුක හිතෙනවා....එයා වටේම කැරකි කැරකි ඉන්න හිතෙනවා....මටම තේරෙන්නෑ මට මොකක් වෙලාද කියල.....රකිත් අයියා කරේ පවා එල්ලෙද්දි අපූරුවට කිසි ගානක් නැතුව ඉන්න මගෙ පපුව රන්දුණු මහත්තයා ලං වුණත් ඇති ගැහෙන්න ගන්නවා මොකද්ද එක වගේ....

සියපත්Where stories live. Discover now