36 කොටස

596 110 37
                                    

මහත්තයා කිව්ව විදිහටම කරා....සුද්දිගෙ ඉස්කෝලෙ ගමන එහෙමම නවත්තලා අස් වීමත් අරන් ආවා....ක්ලාස් සේරම නැවැත්තුවා....දැන් කෙල්ල පැය විසි හතරම ගේ ඇතුලෙ....එලියට යන්න ඕනිනම් රකිත් අයියා නැත්තන් මහත්තයා එක්ක තමයි....මම එක්ක උනත් යන්න දෙන්නෑ කිව්වා.....

මං දන්නෑ මේක හරිම තීරණයක් ද කියල....හැබැයි අපිට වෙන කරන්න කියල දේකුත් නෑ....සුද්දි පස්සෙන්ම ඉන්න අපි කාටවත් වෙලාවකුත් නෑ....මහත්තයා ඔෆිස් එකේ වැඩ බලන්න ඕනි රකිත් අයියත් එහෙමනෙ....මමත් කැම්පස් යන්න ඕනි....

සුද්දිට අපි නිදහස දුන්නා ඇති තරම්....වැරදි පාරෙ යනකොට අවවාද දුන්න...හොඳ නරක තේරුම් කරල දුන්නා....ඒ උනත් එයා කරේ අපිව රවට්ට රවට්ට නොමග ගිය එක....එයා විසින්මයි එයාගෙ නිදහස නැති කරගත්තෙ....කලින් එයාටම කියල දීලා තිබ්බ ලැප් එක පවා මහත්තයා ආපහු ගත්තා....ඔන්ලයින් ක්ලාස් වෙලේට දුන්නා ආයෙ ගත්තා....ක්ලාස් ඉන්නෙත් කෑම මේසෙ....කාමරවල බෑ....

සුද්දි නම් ඉන්නෙ අපි එක්ක මරන් කන්න තරම් තරහෙන්....මුල් දවස් ටිකේ බඩු මුට්ටු පවා පොලේ ගහල කෑගහල දැඟලුවා එයාව හිර කරනවා කියල....කන්නෙ බොන්නෙ නැතුව හිටියා...අතකපාගන්නවා කියල තර්ජනේ කරා....මහත්තයා පිහියක් දීලා අපි බලා ඉද්දිම කපාගනින් කිව්වා....ගේ ඇතුලෙ එකම යුද්දයක්...එක පාරක් අනුකම්පා කරන්න ගිහින් මමත් මහත්තයාගෙන් හොඳට අහගත්තා....එදායින් පස්සෙ මමත් සුද්දි කරන දේවල් ඒ තරම් ගනන් නොගෙන හිටියා...

ඔය කියන තරම් එයාව හිර කරල නෑ....රකිත් අයියා නිදහස් හැම වෙලේම මෙයාව එහෙ මෙහෙ එක්කන් යනවා....ගෙදර උනත් සිංදු අහන්න ටීවි බලන්න ෆිල්ම් බලන්න පොත් කියවන්න හැම දේම දීලයි තියෙන්නෙ....අපි එයාගෙන් බලෙන්ම ඈත් කරපු එකම දේ අර සක්කරවට්ටම් කෙල්ලො ටික....

සුද්දි දැන් ගේ අස්සට වෙලා මාසෙකටත් කිට්ටු වෙන්න එනවා....මහලොකු යාලුවො කියල හිටපු නැට්ටිච්චියො කවුරුත් මෙයා උන්නද මලාද හෙව්වෙ නෑ....අර හොස්ටල් එකේ ගෑනු ලමයා නම් පාරකදි හම්බුනොත් විස්තර අහනවා....මුල් සති දෙකේ පිස්සු නැටුවට දැන්නම් සුද්දි පාඩුවෙ ඉන්නවා....ඒ උනත් කතා බහ නෑ....

සියපත්Where stories live. Discover now