09 කොටස

796 149 20
                                    

එදා කේන්ති අරන් කෑගහපු දවසට පස්සෙ මම ආයෙම රන්දුණු මහත්තයව දැක්කෙ දවස් දෙක්කට පස්සෙ....රකිත් අයියා නම් කීවෙ එයා කොළඹ ගියා කියල ඒ දවස් දෙකේ....

"සියපත්...."

"ර..රන්දුණු මහත්තයා..."

රන්දුණු මහත්තයා කතා කරපු තාලෙන්ම එයාගෙ අර පහුගිය ටිකේ ඇවිස්සිලා ඉදපු යකා යන්න ගිහින් කියල මට තේරුනා....

"ඇයි ඔය බයෙන් වගේ කතා කරන්නෙ...."

"නෑ නෑ මහත්තයා එහෙම එකක් නෑ...."

"ඔය බය වෙලා ඉන්නෙ එදා මම හැසිරුනු විදිහ හින්දා නම් අයිම් සොරි සියපත්....මම සෑහෙන ස්ට්‍රෙස් එකක හිටියෙ පහුගිය ටිකේ....දැන් හරි ඒවා ඔක්කොම....ඒක නෙවේ මම මේ සියපත්ට කතා කරේ වැදගත් දෙයක් කියන්න...."

"මොකද්ද මහත්තයා...."

"අපි අත්තම්මගෙ ඔපරේශන් එක කරමු....මම හැමදේම බලාගන්නම්....මට ඕනි සියපත්ගෙ කැමැත්ත විතරයි....ඔයා ඕකේ නම් හෙටම උනත් අත්තම්මාව හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න පුලුවන්....."

"රන්දුණු මහත්තයා....ම....මං...."

"ගොතගහන්න දෙයක් නෑ ලමයො....මොකෝ කියන්නෙ අත්තම්මාගෙ ඇස් දෙක සනීප කරගමුද...."

"හා කියපන් සුද්දා මල්ලි...අනේ කරදර කරන්න බෑ වගේ එකක් කියන්න කට අරින්න හිතන් ඉන්නවා නම් ප්ලීස් කටපියාගෙනම හිටපන් ඈ....කතා කරන්න එපා උඹ...."

"එහෙම නෙවේ රකිත් අයියෙ මම කොහොමද ඔයාලට මේ ණය ආපිට ගෙවන්නෙ....මේ උදවු මට දරාගන්න බැරි තරම්...."

"සියපත් නොදන්නවා උනාට සියපත්ලා අපිට ලොකූ උදවුවක් කරලයි තියෙන්නෙ.....ඒකත් එක්ක බැලුවම අපි මේ කරන දේවල් බොහොම පුංචියි...."

රන්දුණු මහත්තයා ඔපරේශන් එක කරමු කියද්දි මට එකපාරට අදහගන්න බැරුව ගියා....අත්තම්මව සනීප කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද....මම ඉහලින්ම කැමතියි.....ඒත් මොකද්ද අපි රන්දුණු මහත්තයට කරපු ඔය ලොකු උදවුව....දන්න තරමින් අපි කරේ මේ ගේ දුන්න එකයි කන්න උයලා දෙන එකයි විතරනෙ ....ඒකටත් ඉතින් අපිට සල්ලි දෙනවනෙ අනේ මන්දා.....

රන්දුණු මහත්තයයි රකිත් අයියයි දෙන්නම පැහැදිලි කරල දුන්නු හින්දා අන්තිමේ මම කැමති වුණා අත්තම්මව සනීප කරල දෙන්න එයාලට ඉඩ දෙන්න.....

සියපත්Where stories live. Discover now