10 කොටස

818 150 30
                                    

"කෝ එන්න කාල ඉමු....සියපත් එන්න....දවාලෙත් හරියට කෑමක් නෑනෙ....ඔක්කොම කාල මිසක් නැගිටින්නෑ...."

"ඔව් කාපන් කාපන් ටිකක් වැඩිපුර....මස් කලඳක් නෑ ඇඟේ....කිරි ටොයියා වගේ පාට නම් තියේ මුගෙ....ආන් ආන් බලහන් රන්දුණුවා මම බොරුද කීවෙ මුගෙ කම්මුල් රතුවෙනවා..."

ඇදුනුත් අරන් ආව මං මෙහෙන්ම ඇඟ හෝදගෙන සාලෙන් ඉඳගෙන හිටියා....රන්දුණු මහත්තයා කන්න කතා කරද්දි රකිත් අයියත් එයාගෙ වක්කඩේ දිගඇරගත්තා....ජෝඩු අයියලා දෙන්න කලින්ම කාල කාමරේට ගිහින්....

"රන්දුණු මහත්තයා...."

"ම්ම්...."

"අත්තම්මාට කෝල් එකක් අරන් දෙන්න පුලුවන්ද....."

"ආ ගමු....කෝ නම්බර් එක කියන්නකො අරන් දෙන්න....."

කෑම කාල සුද්දිටත් කතා කරපු මං ෆෝන් එක ආපිට මහත්තයා අතට දුන්නා....අත්තම්මා කාලා  නිදිලු....නර්ස්ලා ඇවිල්ලා විඩෙන් විඩේට බලල යනවලු....සුද්දිත් ටික්කින් නිදාගන්නවා කීවා....දැන් මම කොහෙද නිදාගන්නෙ....පැදුරු තියෙද දන්නෑ මෙහෙ....

"ඒ සුද්දා වරෙන් මගෙ ඇඳේ ඉමු...."

"නෑ නෑ ඕන්නෑ....සියපත් යන්න මගෙ කාමරේට...."

රකිත් අයියා එයාගෙ ඇඳේ ඉමු කියද්දි රන්දුණු මහත්තයා ගෙරෙව්වා මදිවට එයාගෙ කාමරේට යන්න කියල අණ කරා....

"ඕන්නෑ මහත්තයා.....මම ආවොත් ඔයාලටත් කරදරේනෙ....පැදුරක් වගේ තියෙනම් දෙන්නකො....මම සාලෙන් ඉන්නම්...."

"මෙහෙ ඇති පැදුරක් නෑ ගිහින් ඇඳේ නිදාගන්න....මම මේ ෆයිල්ස් ටික බලල එන්නම්...."

"එහෙනම් රෙද්දක්වත්...."

"අනේ මේ සියපත්....මගෙන් කුණුහරුප නාහා ගිහින් නිදාගන්නවා අර ඇඳෙන්....සාලෙ නිදියන්නම් කියන්නෙ ඇයි බයද මම තමුසෙට මොනවා හරි කරයි කියල....මට පේන්න බැරි මේ විකාරයි පණ්ඩිතකමයි තමයි....සියපත් මම මේ තමුන්ට බොහොම හොඳින් කියන්නෙ හැමදේටම එපා ඕන්නෑ කරදරයිනෙ ගාන එක නවත්තනවා....ආයෙ මගෙ කනට ඇහෙන්න කියල තිබ්බොත් ඔය වචන දෙනවා කන පැලෙන්න...."

රන්දුණු මහත්තයා බැන්නා....අර එදා වගේම ඇස් රතු කරගෙන කෑගැහුවා....අතේ තිබ්බ ෆයිල් එකත් මේසෙට දමලා ගහලා කෑගැහුවා....මට බය හිතුනා.....මෙහෙන් පැනලා ගෙදරම දුවන්න හිතුනා....දැනුනු බයත් එක්ක නොදැනිම ඇස් වලට කඳුලු පිරෙද්දි මම එහෙමම බිම බලාගත්තා....අනේ මම එහෙම මොනවත් හිතුවෙ නෑනෙ ...කාට උනත් ඕනිවට වඩා කරදර කරන්න හොඳ නැති හින්දයි මම එපා කියන්නෙ....වෙන එකක් හින්දා නෙවේ....

සියපත්Where stories live. Discover now