46 කොටස

564 104 24
                                    

රකිත් අයියගෙ ඈත් වීම මට දැනෙන්නෙ ඇඟෙන් කෑල්ලක් ගිහින් වගේ...දුකේදි සැපේදි හැමදේකදිම අයියා අපි එක්ක හිටියා....අපි කොහෙ ගියත් මොනවා කරත් රකිත් අයියා අනිවාරෙන්ම එතන සාමාජිකයෙක් උනා....මහත්තයා නැති වෙලාවට මගෙ ආරක්ෂයා උනෙත් රකිත් අයියා....එහෙම ඉඳපු කෙනා ආයෙ එවෙයිද නැද්ද දන්නෑ කියල රටෙන් යන්නම ගිහාම මට මහා පාලුවක් දැනුනා....සුද්දිත් ගියා....දැන් රකිත් අයියා....

ආදරේ කරන අය ලඟ තියාගන්න වාසනාවක් මට නෑ කියල හිතෙනවා....එහෙම හිතෙද්දි මහත්තයා ගැනත් මට බය හිතෙනවා...මට මගෙම කියල දැන් ඉන්නෙ එච්චරයි...අනේ දෙයියනේ එයාවනම් මගෙන් ඈත් කරන්න එපා...මම පිස්සෙක් වෙයි....මට දරුවෙක් එක්ක තනි වෙන්න බෑ....මං තනිකමට හරි බයයි....කලුවරට පාලුවට මම හරි බයයි....

මහත්තයාට අදත් ඔෆිස් ගිහින් එහෙමම ගෙදර යන්න වෙනවා කිව්වා...ඒ ගියාට රෑ හරි එයි....නෑවිත් ඉන්නෑ....අවුරුද්දකට කිට්ටු වෙන්න පාඩුවෙ ඉඳපු තාත්තා දැන් දැන් මහත්තයාගෙ ජීවිතේට හොඳටම ඇඟිලි ගහනවා කියල මට තේරෙනවා....මහත්තයා කියපු විදිහට අයිනිගෙ ස්ටඩීස් සම්පූර්ණයෙන්ම ඉවරලු....ඒකලු තාත්තා මහත්තයා පස්සෙ පන්නන්නෙ දැන්....මං දන්නෑ මේවා කොහෙන් කෙලවර වෙයිද කියල....අයිනි එක්ක උනත් එදා කතා කරාට තවම මොකුත් කියල නෑනෙ....

හොස්පිට්ල් එකට ගිය මං පැටියවත් බලල එහෙමම කැම්පස් එකට ගියා...දැන්නම්.දිගටම මම කැම්පස් යනවා....කසුන්ගෙත් උදවුවෙන් මඟඇරුන ඒවා ගොඩක් දුරට කවර් කරගත්තා....මේ දවස් ටිකේ මෙහෙම ගියාට පුතාව ගෙදර එක්ක ආවට පස්සෙ ආයෙ මාව හිරවෙනවා....මං හිතන්නෑ එතකොට නම් කිසිම දෙයක් කරගන්න පුලුවන් වෙයි කියල....මොකද අත් උදවුවකට කියල කිසි කෙනෙක් ඉන්නවද....මහත්තයා ඔෆිස් එකේ වැඩ බලද්දි මට තනියම තමා පුතාගෙ වැඩ ටික කරන්න වෙන්නෙ....අනික අනිත් දරුවන්ට වඩා බේබි රූම් ඉඳපු දරුවො වැඩිපුර පරිස්සමෙන් මාස කීපයක් යනකල්ම බලාගන්නත් ඕනිලුනෙ....මං දන්නෑ දරුවෙක් බලාගෙන පොඩි හරි පුරුද්දක් නැති මට පුතාව හරියට බලාගන්න පුලුවන් වෙයිද කියල....ඒ උනත් මම මගෙ උපරිම උත්සාහ කරනවා....

අයියෙක් විදිහට මම ෆේල්....සම්පූර්ණයෙන්ම ෆේල්....මට මගෙ නංගි නොමග යද්දි නවත්තගන්න බැරි වුනා....ඒකි ජීවිතේ නැති කරගන්නකල්ම මට මොකුත් කරගන්න බැරි උනා...මාමෙක් විදිහටත් මට ෆේල් වෙන්න බෑ...මාමා නෙවෙයි මමයි පැටියගෙ තාත්තා....මහත්තයායි ඒකයි තමා මගෙ හැමදේම....

සියපත්Where stories live. Discover now