33 කොටස

635 113 38
                                    

මම මහත්තයා රකිත් අයියා අපි තුන් දෙනාම එකතු වෙලා පුලුවන් විදිහට සුද්දිට අවවාද කරා....අර කෙල්ලන්ගෙ හැටි සාක්ශිත් එක්ක පෙන්නලා දීලා උන්ගෙන් ඈත් වෙන්න කිව්වා....

මන්දන්නෑ සුද්දි තේරුම් ගත්තද නැද්ද කියන්න....හැබැයි අපි කියන්න ඕනි හැමදේම සුද්දිට කිව්වා....තේරුම් ගන්න නොගන්න එක එයාගෙ තීරණයක්....හරි පාරෙ යනවද ජීවිතේ නාස්ති කරගන්නවද එයාම තීරණය කරයි....එක්සෑම් එකට තව අවුරුද්දක් විතර තියෙන්නෙ....එහෙම එකේ සුද්දි අනිත් දේවල් ඔලුවෙන් අයින් කරල ඒකට මුල් තැන දෙනවනම් ඒ ඇති....අයියා මෙච්චර ඉගෙනගනින් කියන්නෙ ඇයි කියල තේරුම් ගන්න බැරි තරම් නොහැකියාවක් සුද්දිට ඇති කියල මම හිතන්නෑ....

මේ ප්‍රශ්න ඒවා මේවා එක්ක මගෙ විසිවෙනි උපන්දිනෙත් ගෙවිලා ගියා....එදා මහත්තයා මාව කොළඹ වටේම රවුමක් එක්ක ගියා රෑ වෙලා....ඒක හරි ලස්සනට ගෙවුනු දවසක්....රකිත් අයියගෙන් නංගිගෙන් තෑගි හම්බුනා....සුද්දි හොඳ අතට හැරීගෙන එනවදෝ කියල මට එදා හිතුනා ...දැන් එකට එක කියන රණ්ඩු අල්ලන ගති ගොඩක් දුරට අඩුයි....අර කෙල්ලන්ගෙනුත් ඈත් වෙලා කියල අපිට හිතෙනව ...දන්නෑ ඉතිං හරියට....රකිත් අයියා එක්කත් හොඳට ඉන්නවා මම දැක්කා....රකිත් අයියා සුද්දිට ගොඩක් ආදරෙයි....හැමවෙලේම හොයල බලනවා....සමහරවෙලේට අපිටත් වඩා සුද්දි ගැන බලන්නෙ රකිත් අයියා....සුද්දි වාසනාවන්තයි ඒ වගේ කොල්ලෙක් ලබන්න...සුද්දි ආයෙ වැරදි පාරෙ නොවැටී ඉන්නවනම් හොඳයි....රකිත් අයියා එයාගෙ හැම වැරදි දේකින්ම සුද්දි හින්දම ඈත් වෙද්දි සුද්දි වැරදි පාරෙ යන්න ගත්තොත් ඒ කරපු කිසි දේකින් තේරුමක් තියෙනවද....

අත්තම්ම නැති වෙලා අවුරුද්දකුත් ගෙවිලා ගිහින්....අත්තම්මට පින් දීලා පන්සලටයි වැඩිහිටි නිවාසෙකටයි දානයක් දෙන්න තමයි අපි හිතුවෙ....ලොකුවට හාමුදුරුවරු වඩම්මලා කරන පින්කමක් කරනවා අපිට පුලුවන් කාලෙට....තවම එච්චර නිදහසක් නෑනෙ....මහත්තයාගෙ තාත්තගෙන් හැංඟිලා වගේනෙ අපි ඉන්නෙ....

"මහත්තයා ලෙක්චර්ස් කලින් ඉවර උනා....ඔයා එන්න ඕන්නෑ මං ගිහින් බඩු ටික අරන් ත්‍රීවීල් එකකින් ගෙදර යන්නම්...."

සියපත්Where stories live. Discover now