24 කොටස

638 109 14
                                    

"අරවින්දි මේ කාමරේ හොඳයි නේද....හෙමීට බලල කැමති විදිහකට හදා ගන්න..."

"මැණික් මට තේ එකක්....යන්කො කිචන් එකට.."

දවස් දෙක්කට පස්සෙ මහත්තයා කියපු විදිහටම මාවත් එයා එක්කම කොළඹ එක්කන් ආවා....මහත්තයගෙ අපාර්ට්මන්ට් එක මම හිතුවටත් වඩා ඉඩ පහසු කම් තියෙන හැමඅතින්ම සැපපහසු තැනක්....ලොකු මාස්ටර් බෙඩ් රූම් එකක් එක්ක තව රූම්ස් දෙකක්....ඇටෑච් බාතෲම් කිචන් ඩයිනින් ඒරියා ලිවින්ග් රූම් හැමදේම තිබුණු මේක අංග සම්පූර්ණ ගෙදරක්....දුප්පත් ගෙදරක තියෙන දේකින් සෑහිලා ජීවත් උනු මට නම් මේක තනිකරම දිව්‍යලෝකයක්....අපාර්ට්මන්ට් එකට මුලු කොළඹම වගේ හරි ලස්සනට පේද්දි මට දැනෙන්නෙ වෙනම ලෝකෙක ඉන්නවා වගේ...

අපි ඊයෙ මෙහෙට ආවට සුද්දිව හොස්ටල් එකෙන් අයින් කරගෙන එක්ක ආවෙ අද....එයාට රූම් එක පෙන්නලා කැමති විදිහට අස් කරගන්න කීව මහත්තයා එක්ක මම කිචන් එකට ආවා...අපේ ගෙදර කුස්සිය වගේ නෙවේ මේක....මට නුපුරුදුයි....හැබැයි හැම අතින්ම පහසුයි...

"මහත්තයා තේද කිරිතේද...."

"තේ බොමු බබා..."

"රකිත් අයියට කතා කරාද මහත්තයා..."

"ම්ම්...ගෙදර ඉන්නෙ කිව්වා....හවස් වෙලා එන්නම් කිවා මේ පැත්තෙ....එයිද දන්නෑ..."

"මහත්තයා..."

"ම්ම්..."

"මාව අතනට එක්ක යන්නෙ කවද්ද..."

මගෙ වදේ ඉවසගන්නම බැරුව මහත්තයා මට වැඩ කරන්න කැෆේ එකක් බැලුවා කිව්වා...මහත්තයාගෙ යාලුවෙක්ලු....එච්චර වැඩ අමාරුත් නෑලු....අනික මට ඕනි දවසට නිවාඩු ගන්නත් පුලුවන් කිව්වා....කෝස් එකේ වැඩත් එක්ක මට කොහොමත් නිවාඩු ඕනිනෙ....

"උඹටත් ඉතිං ඇවිත් දවසක් ගෙවෙන්න කලින් රස්සාවට දුවන්න හදිස්සිය....හොඳට මතක තියාගන්න බබා ඔයාව යවන්නෙ මෙතන මැරෙන්න හදන හින්දා මිසක් මගේ කැමැත්තකින් නෙවෙයි...."

"හරි හරි අයියෝ....කවද්ද එක්ක යන්නෙ කියන්නකො...."

"හෙට යන්....ගිහින් බලමුකො...හැබැයි මැණික් ඔන්න කලින්ම කිව්වා උඹ මොනවා හරි ප්‍රශ්න දාගත්තොත් මම යකා කියන්න එපා එදාට....සේරටම කලින් දෙන්නෙ මං උඹට....ගමේ වගේ නෙවේ කොළඹ....උඹ මේකෙ තැලිලා පොඩි වෙච්ච එකෙක් නෙවේනෙ....ඒ හින්දා හැමවෙලේම පරිස්සමෙන්....පාටට ඇහැට කනට පේන්න ඉන්නවනම් මේකෙ උන්ට ගෑණු පිරිමි කම් අදාල නෑ.... "

සියපත්Where stories live. Discover now