23 කොටස

712 112 20
                                    

"හම්මට මදුරුවො කාල නේහ් සුද්දව....ඔය රන්පාට මදුරුවගෙ තුඩ ගලවන්නෝනෙ මං කියන්නෙ...."

ඇඟ හෝදන් ගෙට එන්න උනේ නෑ මගෙ බෙල්ල ඇහැ ගැටුන රකිත් අයියා වාචාල කට ඇර ගත්තා....

"මැණික් එන්න කන්න....රකිත් කාල හිටහන් නිවෙන්න කලින්...."

මහත්තයා කතා කරද්දි අපි දෙන්නම ගිහින් මේසෙන් වාඩි උනා....උයන්න වෙලාවක් නැති හින්දා මහත්තයා කඩෙන් කෑම අරන් ආවෙ....කඩෙන් තියා කොහෙන් ගෙනාවත් අතින් කන්නෑ....මහත්තයා ලඟ ඉන්න ටිකේ කවාගන්න එපෑ...සුද්දි හිටපු දවස් ටිකේ ගෙදර ඉදන්නෙ කෑවෙ....ඉතිං කැවිලි නෑ....

"අනේ ඉතිං අපිටනෙ තණකොල ගහක්වත් කවන්න කෙනෙක් නැත්තෙ....දෙවියන්ටම පෙනේවා මේ අවනඩු...."

මහත්තයා මට කවනවා බලාගෙන රකිත් අයියා දෙයියන්ට කියන්න ගත්තා...

"ඇයි අර උඹේ කොළඹ අහුමුල්ලක් ගානෙ ඉන්න ගෑනුන්ට කියල කවාගනින්කො....උඹට කොහොමත් හරියන්නෙත් තණකොළ තමා...."

"අඩෝ අඩෝ ඒ කාලෙ යම්කිසි වරදක් උනා තමයි....දැන් මේ රකිත් හැදිලා ඉන්නෙ හරී...."

කෑම කාල මේසෙත් අස් කරල මම කුස්සියට යද්දි රකිත් අයිය නම් කෙලින්ම කාමරේට ගියා....ආයෙ එයා එන්නෙ උදේට තමා....පිඟන් ටික හෝදලා දාල දත් මැදල මූණත් චුට්ටක් හෝදන් ජනෙල් දොරවල් වහලද බලපු මං කාමරේට එන්න ආවා....

"ආහ්...මහ..."

කාමරේට ගිහින් දොර වහල හැරෙන්න උන්නෑ මහත්තයා මාව ඇදල ගත්තා වෙද්දි මම නැවතුනේ එයාගෙ අත් අස්සෙ....

"ඇයි අයියෝ...."

හොර මූණක් හදාගෙන මම ඇයි අයියෝ ගාද්දි කට කොනෙන් හිනා වුණු මහත්තයා මාව එහෙමම උස්සල ඇදට දාද්දි මගෙ පපුව වේගෙන් ගැහෙනවත් මූණට ලේ පිරෙනවත් මට දැනුනා....මොහොතක් යන්න කලින් මහත්තයා මගෙ උඩ ඉඳිද්දි මම එයාගෙ අත් අස්සෙ ඉඳන් එයා දිහා බලන් හිටියා....

"උඹව ලඟට නැතුව පහුගිය දවස් ටිකේ මට නින්ද ගියෙත් නෑ බබා....මට මේ සුවඳ සෑහෙන මිස් උනා...."

මගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන මහත්තයා මුමුණද්දි මම එහෙමම ඇකිලිලා හිටියා....කිචි අනේ....

සියපත්Where stories live. Discover now