07 කොටස

847 156 23
                                    

"සියපත් නංගිව පන්ති යවන වැඩේ මොකද..."

"ඊයෙ හවස ටවුන් එකට ගිහින් ඇඳුන් සපත්තු අනම් මනම් අරන් දුන්නා මහත්තයා...පන්ති තියෙන දවස් සුද්දිට බලල කියන්න කිව්වා....තියෙන දවසට එක්ක යනවා....රන්දුණු මහත්තයට ගොඩක් පින් කරපු උදවුවට....නැත්තන් මට කොහෙන්ද සල්ලි...."

"මං කරපු ඇති උදවුවක් නෑ සියපත්....ඒ ඔයාගෙ පඩිය....එච්චරයි...."

උදේ කෑම අරන් එනකොට රන්දුණු මහත්තයා විතරයි....රකිත් අයියයි ජෝඩු අයියලා දෙන්නයි නෑ....ඊයෙ රෑ රන්දුණු මහත්තයා නෑ අනිත් අය හිටියා....මේ ගොල්ලො මාරුවෙන් මාරුවටද කොහෙද ඔය කියන වැඩේට යන්නෙ....ඇහුවම කීවෙ මොකද්දෝ වැඩකට ගියා කියල....මා එක්ක කතා කරපු රන්දුණු මහත්තයා කුස්සියෙන් එලියට යන්න හැදුවත් ,

"රන්දුණු මහත්තයා....මේ...."

"ම්ම් කියන්න සියපත්....මොකද්ද ප්‍රශ්නෙ..."

"මහත්තයා අද දවල්ට පාන් වගේ දෙයක් කමක් නැද්ද....මහත්තයා අකමැති නම් කමක් නෑ මම කොහොමහරි උයලා ගේන්නම්...."

"පාන් නම් අවුලක් නෑ සියපත්....ඇයි සියපත් කොහෙ හරි යන්නද..."

"ඔව් මහත්තයා අත්තම්මට අද ක්ලිනික්....එයාව එක්කයන්න එපෑයැ උදේම...ඒකයි....ඒ ඇවිත් උයන්න ගියොත් ගොඩක් හවස් වෙයි...."

"කොහෙද ක්ලිනික් තියෙන්නෙ....මොකේද යන්නෙ...."

"තියෙන්නෙ නම් මහ රෝහලේ....බස් එකේ යනවා මහත්තයා...."

"ඉතිං යන් මගෙ වාහනේ....මමත් ගෙදර දැන් නිකන්නෙ ඉන්නෙ....සියපත්ලත් ගිහාම මම තනියම ඉන්නත් එපෑ....මම එක්ක යන්නම් ඔයාලව..."

"එහෙම කරදරයිනෙ මහත්තයා...."

"මොන කරදරයක්ද ලමයො....ගිහින් ලෑස්ති වෙලා එන්න....එනගමන් කෑම ප්‍රශ්නෙට මොකක් හරි කරමු...."

_________________________________________

කරදරකරන්න බෑ ඕන්නෑ කියන්න ගිහින් බැනුනුත් අහගත්ත මං අන්තිමට එයා එක්කම හොස්පිට්ල් යන්න පිටත් වුණා....ඒ වගේ සැපපහසු වාහනේකට මම නැග්ගාමයි ඒ....යන ගමනක් බස් එකේ නැත්තන් පයින් ගිය අපිට මොන කාර්ද....

සියපත්Where stories live. Discover now