40 කොටස

576 100 25
                                    

මාස තුනකට පසු....

මාස තුනක කාලයක් ගෙවිලා ගියෙ වගකීම් වලින් ප්‍රශ්න වලින් හිත් රිදීම් බහින් බස් වීම් වලින් අපිව හෙම්බත් කරල.....සරලවම මේ කාලෙ ගෙවුනෙ යුද්ධයක් කරනවා වගේ....මහත්තයා නොහිටින්න එයා මගෙ හයිය නොවෙන්න සමහරවිට මම පිස්සෙක් වෙලා ඉඳියි.....ඒ තමයි මට ඉන්න එකම සැනසීම....

පහුගිය කාලෙ වෙච්ච ප්‍රශ්න හින්දා මට මහත්තයාවත් මඟඇරුනදෝ එයා ගැන හරියට බලන්න බැරි උනාදෝ මට වෙලාවකට හිතෙනවා ....මම එයාගෙන් ඒකට සමාව ගත්තා....මම හිතා මතා කරනවා නෙවෙයි මගෙ ඔලුවෙ තියෙන පීඩනේ එක්ක දේවල් මට මඟඇරෙනවා....මහත්තයාගෙ විසි හත්වෙනි උපන්දිනේ ආවා....මට එයාට විශ් කරන්න විතරයි  පුලුවන් උනේ කේක් එකක්වත් හදල  දෙන්න කෑමක් උයල දෙන්න බැරුව ගියා....සුද්දිට අමාරු වෙලා ඒ දවස් ටිකේම මම ගෙව්වෙ හොස්පිට්ල් එකේ.....

මේ මුලු කාලෙම මම කරේ හොස්පිට්ල් ගිය එක සුද්දි එක්ක ඔට්ටු උනු එක මිඩ්වයිෆ්ගෙන් බැනුම් අහපු එක ඩොක්ටර්ස්ලගෙන් බැනුම් අහපු එක....මගෙ කැම්පස් වැඩ පවා ගොඩ ගැහිලා....ඒවා කරන්න වෙලාවක් නෑ.....එක්සෑම් එකේ සබ්ජෙක්ට් සේරම රිපීට් උනා....මහත්තයා මගෙ හිත හැදුවා....මේ ප්‍රශ්න ඉවර උනු හැටියෙ අපි ආයෙම පටන් ගමු කිව්වා...ඒ උනත් මට හරි වෙහෙසයි....

සුද්දිගෙ බඩට දැන් මාස පහක්....එලියට නෙරල පේනවා....තව මාස හතරයි බබා එලියට එන්න....අපි දැනගත්තට පස්සෙ ගෙවුනු මුල් මාසෙම වගේ දරුවා නැති කරන්න සුද්දි කරපු දේවල් කතා කරල වැඩක් නෑ....මට ඒකි ගාවින් හෙල්ලෙන්නැතුව ඉන්න උනා....සුද්දි දුන්නෙ එසේ මෙසේ වදයක් නෙවෙයි....දස වද විඳල දරුවව පරිස්සම් කරන් හොස්පිට්ල් යන දවසට ඩොක්ටස්ලා බනිනවා හරියට කෑම කන්නෙ නැද්ද විටමින් ගන්නෙ නැද්ද....වගකීමක් නැද්ද....ගෙදර එනකොට මගෙ කන පිරිලා....මම කොහොමද කියන්නෙ මේකි දෙන හැමදේම විසික් කරනවා බලෙන් කවන්නෙ පොවන්නෙ කියල....මහත්තයා පුලුවන් හැමවෙලේම මා එක්ක ඉන්නවා....ඒ උනත් ඔෆිස් එකේ වැඩත් එක්ක ඒ ප්‍රශ්නත් එක්ක ඒ මනුස්සයටත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා....මම උනත් කරදර යන්නෙ නෑ මහත්තයාට බැරිම උනොත් මිසක....මම නොදන්නවා නෙවෙනේ එයාගෙ ඔලුවෙ තියෙන ප්‍රශ්න...

සියපත්Where stories live. Discover now