06 කොටස

832 148 20
                                    

"ඊයෙ ගිය වැඩේ හරියට කරගත්තද රකිත් අයියෙ...."

"ම්ම් ඔව් සුද්දා අවුලක් නෑ..."

දවාලෙට අත්තම්මා පොළොස් ඇඹුලක් හදලා තිබ්බා වෙද්දි හාල්මැස්සො බැදුමක් එක්ක පරිප්පුවක් හින්දවල ගත්ත මම අයියලාට කෑම අරන් ආවා.....ඊයෙ ගිය වැඩේ ගැන ඇහැව්වත් වෙනදට හච පච ගාන රකිත් අයියා අවුලක් නෑ කියල නිකා හිටපු හින්ද මමත් ආයෙ ඒ ගැන අහන්නෙ නැතුව හිටියා....එයාලා කියන්න අකමැතිද කවුද දන්නෙ....මම මෙහෙ උයන එකා මිසක් වෙන කවුරුත් නෙවේනෙ....

"ඒ සුද්දා මොකෝ ඔය....ඒවා මහ කේස් බන්....උඹට කීවට තේරෙන්නෑ ඒකයි මම නොකීවෙ...."

"ඒකට කමක් නෑ රකිත් අයියෙ මං නිකන් ඇහුවෙ ඉතිං...."

කෑම ටික අස් කරල මම ගෙදර යන්න කියල ආවත් මිදුලෙ හිටපු රන්දුණු මහත්තයා මට කතා කරා....

"සියපත් මෙහෙ එන්නකො...."

"ඇයි මහත්තයා...."

"අරවින්දිට ඉංග්ලිශ් අමාරුයි කීවා නේද....ක්ලාස් එක්කටවත් නොයවන්නෙ ඇයි...."

මට දැනුනෙ මහා අසරණකමක්....අපිට තියෙන අඩුපාඩු මේ මහත්තුරුන්ට තේරෙන එකක්ද....කෙල්ලව ක්ලාස් යවන්න ඕනි ඒත් කෝ සල්ලි කියල කෑගහන්න ඕනි උනත් මම මලානික හිනාවක් විතරක් දීලා නිකන් හිටියා....

"මට නොතේරෙනව නෙවේ සියපත්....සල්ලි නම් ප්‍රශ්නෙ මට පුලුවන් සල්ලි දෙන්න.....එක්සෑම් කිට්ටු එකේ අරවින්දිව අමාරු සබ්ජෙක්ට් වලට ක්ලාස් යවන්න...තව මාස කීපයක්ම තියෙනවනෙ ...."

"සල්ලි නම් ප්‍රශ්නයක් තමයි රන්දුණු මහත්තයා....ඒ උනත් මහත්තයාලගෙන් සල්ලි ගන්න නම් බෑ....මම පුලුවන් හැටියට සුද්දිට කියල දෙන්නම්...."

"සියපත්ගෙත් හරි ලොකුකම නේද....අපෙන් උදවු ගන්න කැමති නෑ වගේ...."

"අනේ එහෙම නෙවේ මහත්තයා....මං එහෙම හිතල කිව්වා නෙවේ ..."

"හ්ම්ම්...හරි හරි කෑම උයන එකට දෙන ගාස්තුවෙන් අත්තිකාරමක් දුන්නා කියල හිතන්නකො එතකොට හරිනෙ....කාටත් ප්‍රශ්නයක් නෑ....හොඳ ක්ලාස් එකක් බලල නංගිව එක්ක යන්න....අඩුපාඩු බලල අරන් දෙන්න...."

සියපත්Where stories live. Discover now