38 කොටස

536 115 33
                                    

"අනේ මහත්තයා හෙමින් යන්කො දෙවියනේ...."

මහත්තයා වාහනේ අරන් ආවෙ පුදුමාකාර වේගෙකින් වෙද්දි මුලුවෙලාවෙම මම හිටියෙ දෙවියන්ට කිය කිය...කරුමෙට මොකක් හරි උනොත් මෙහෙම ගිහින්....මන්දන්නෑ මහත්තයා මෙච්චර කේන්ති අරන් ඉන්නෙ ඇයි කියල....හේතුව මොකක් උනත් මෙහෙම කරල හරියනවද....

මරණෙ අතේ තියන් වගේ ආව ගමනකට පස්සෙ අපාර්ට්මන්ට් පාක් එකේ වාහනේ පාක් කරපු මහත්තයා දොරත් කැඩෙන තරම් වේගෙන් වහල එහෙමම යන්න ගියෙ මා එක්කවත් කතා නොකර....සුද්දිත් කඳුලු පුරවගෙන වාහනෙන් බහිද්දි ගෙනිච්ච දේවලුත් අරන් කෙල්ල එක්කගෙනම මම ගෙදරට ආවා....

"සුද්දි ඔයා ඔහොමම කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගන්න....මම බෙහෙත් බලල ගෙනැත් දෙන්නම්....මහත්තයාට මොකකට හරි කේන්ති ගිහින්...."

මං කියපු එකට වචනයක්වත් නොකීව සුද්දි ගෙට ගිය ගමන් කාමරේට යද්දි මම ගියෙ සාලෙ එහාට මෙහාට යන මහත්තයා ගාවට....

"මහත්තයා...."

"අරකාට ආයෙ අරන් බලහන් මැණික්....ආවෙ නැත්තන් නම් ඕකා අද ඉවරයි...."

"අනේ දෙයියනේ මහත්තයා මොකද්ද වෙලා තියෙන්නෙ කියන්නකො....ඇයි...ඇයි මට නොකියන්නෙ....මො...."

හිතට ආව ආවේගෙටත් එක්ක මමත් කියවගෙන ගියත් කියාගෙන ආව එක සම්පූර්ණ කරන්න නොවුණෙ ඇරුන දොරෙන් රකිත් අයියා ඇතුලට එද්දි....

"මචන්....මො...."

චටාස්...

"මහත්තයා....!!"

රකිත් අයියට අඩි දෙකක් එන්න උනේ නෑ ඉස්සරහට ගිය මහත්තයා රකිත් අයියට කනේ පාරක් දුන්නා වගේම කොලර් එකෙන් මිටිකරලා ඇදලා ගත්තා....කරකියාගන්න දෙයක් නැති උනු මං ඒ දෙන්නා මැද්දට පනින්න දැඟලුවත් මාව මරන් කන්න වගේ රවපු මහත්තයා කෙලින්ම බැලුවෙ රකිත් අයියා දිහා....

"මං තෝව විශ්වාස කරා පරයො....මටත් වඩා මේ කොල්ලා තෝව විශ්වාස කරා....තොට ඔච්චර ඇම්ම නම් කලින් වගේ ක්ලබ් ගාන්නෙ රිංඟන්න තිබ්බෙ නැද්ද අර කෙල්ලගෙ ජීවිතේ නොකා....යකෝ ඒකි තව පොඩි කෙල්ලෙක්....මොකද්ද තෝ ඒ කරේ...."

සියපත්Where stories live. Discover now