57 කොටස

578 99 14
                                    

"හරි බන්....එහෙනම් තිබ්බා.....එන්න නම් බැරිවෙයි....ඒ උනාට වෙඩිම කියපන්...."

"කවුද බබා...."

"කසුනා....කසුන්ට කෙල්ලෙක් හම්බෙලානෙ මහත්තයා....මට පහුගිය ටිකේ මැසේජ් දදා කිව්වා හිත ගිය කෙල්ලෙක් ඉන්නවා කැමති වෙයිද දන්නෑ ගගා....ඔන්න කෙල්ල කැමති උනාලු..."

"කවුද ඉතිං කෙල්ල....කොහෙ කෙනෙක්ද...."

"මහත්තයාට මතකද අර අපේ සුද්දි ගැන මා එක්ක විස්තර කියපු සුද්දි වගේම ගෑනු ලමයා....ආන් ඒ ලමයා....කසුන් උන් දෙන්නා ගහපු ෆොටෝ එකක් එව්වම මම අඳුනගත්තෙ....මේ....ගැලපෙනවා නේ හොඳට...."

"ම්ම්....ඒ ලමයා අරවින්දිගෙ හැඩහුරුවමයි...."

"හ්ම්....මහත්තයා කෝ පුතා...."

"ආන් රකිත් එක්ක....ඒ කොල්ලට අපි ඕන්නෑනෙ රකිත් ඉන්නවනම්..."

ලංකාවෙන් ලන්ඩන් වලට ඇවිත් දැන් මාස තුනකට කිට්ටු වෙන්න එනව... පුතාටත් දැන් මාස හයක්....මම කැම්පස් නොගියා කියල රටෙන් ආවා කියල කසුන්ගෙ යාලුකම නැති උනේ නෑ....ඒකනෙ ඌ ඔය තාමත් කෝල් මැසේජ් කරන්නෙ....කලින් දැනගෙන නොහිටියට දැන් මමයි මහත්තයයි ගැන කසුන් දන්නවා...ඌ ඒකට සාමාන්‍ය විදිහට රිඇක්ට් කරපු එක ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්....

මහත්තයා එයාගෙ අධ්‍යාපන සුදුසුකම් වලට හරියන විදිහෙ ජොබ් එකක් මෙහෙ කම්පැනි එකක කරනවා....එයාට ඒකෙන් සෑහෙන සැලරි එකක් හම්බෙනවා....මමත් අතරමග නවත්තලා දාපු මගෙ ඩිග්‍රිය ආයෙම මෙහෙ ඉදන් පටන් ගත්තා....ලෙක්චර්ස් තියෙන්නෙ ඔන්ලයින් හින්ද ප්‍රශ්නයක් නෑ....

මහත්තයාට නම් ආයෙ ලංකාවට යන්න පොඩිමවත් බලාපොරොත්තුවක් නෑ....එයා අහනවා මෙහෙ නිදහසේ ඉන්න තියෙන එකේ මොකටද එහෙ යන්නෙ කියල....ඒකත් ඇත්ත තමයි....අපි වගේ ජෝඩු දිහා ලංකාවෙ බලන්නෙ අමුතු ඇහෙන්නෙ....පහුගිය ටිකේ අපි මෙහෙ ගොඩක් තැන්වල ඇවිද්දා....බිග් බෙන් ඔර්ලෝසුව ලන්ඩන් බ්‍රිජ් එක තව ඔය බලන්න තියෙන ගොඩක් තැන්වල අපි ගියා....අනේ ඒ උනත් කිසි කෙනෙක් අපිට අනවශ්‍ය අවදානයක් දුන්නෙ නෑ.....අපි වගේ කපල්ස් ඕනි තරම් මෙහෙ ඉන්නවා....ඒක සාමාන්‍ය දෙයක්....

සියපත්Where stories live. Discover now