39 කොටස

588 111 54
                                    

'රකිත් අයියා නෙවේනම් කවුද....'

හරි සිහියට ආව ගමන් මගෙ ඔලුවට ආව එකම දේ ඒක....මහත්තයා එපා කියද්දි නැගිටපු ගියෙ රකිත් අයියා ගාවට....එයා එහෙම කරේ නෑ කියල දිවුරද්දි ඒ මූණ දකිද්දි මට තේරුණා මේ මනුස්සයා කියන්නෙ බොරුවක් නෙවෙයි කියල....රකිත් අයියා ගාවින් අයින් උනු මම කෙලින්ම ගියෙ සුද්දිගෙ කාමරේ ලඟට....දොර වහල....උඹ දොර වහගෙන තමා හැමදේම කරේ....

"සුද්දි මේ දොර ඇරලා එලියට එනවා...."

"මොකටද මට ඉන්න දෙනවලා...."

"කටවහගෙන එලියට වරෙන්....මට ඇතුලට එන්න ඉඩ නොතියා වරෙන්..."

කවමදාවත් මම සුද්දිට මෙහෙම කතා කරල නෑ....හැබැයි ඒකිව විශ්වාස කරපු ඒකිව හුරතල් කරපු ඒ අයියා මීට මොහොතකට කලින් මැරුණා....කතා කරන්න කරන්න එලියට නෑවිත් හිතුවක්කාරකම් කරන සුද්දිව කාමරේ ඇතුලටම ගිය මං බලෙන්ම එලියට ඇදගෙන ආවා....

"බබා....මොකද්ද ඔය කරන්නෙ...."

"මහත්තයා ඉන්න....මම මේකි එක්ක විසඳගන්නම්...."

චටාස්....

"උඹේ හිතුවක්කාරකම මෙච්චර දෙයක් වෙලත් අඩු උනේ නැද්ද....කතා කරපන්....උඹ තව කොච්චර මාව රවට්ටන්න හිතන් ඉන්නවද....කතා කරපන් ඉතිං...."

චටාස්.....

"මැණික්...මැණික් එපා..."

"නෑ මහත්තයා....මේකිට මේ පාර මට දෙන්න තිබ්බෙ මීට කලින්....මම පරක්කු උනා වැඩී...."

මෙච්චර කාලෙකට නියපිටින් පාරක් නොගහපු කෙල්ලට මම අද අතපුරවල කනේ පාරවල් දෙකක් දුන්නා....එහෙමම රකිත් අයියගෙ අතෙන් රිපෝර්ට්ස් ටික උදුරලා ගත්ත මං ඒ ටිකෙන් සුද්දිට දමලා ගැහුවා....

"මම උඹව විශ්වාස කෙරුවට පුලුවන් උපරිමෙන් පරිස්සම් කරාට....උඹ දුන්න තෑග්ග බොහොම අපූරුයි මගෙ නංගි.....ඔයිට වැඩිය හොඳයි උඹ මට පිහියෙන් ඇන්නනම්....."

සුද්දි වචනයක් නොකියා ඔහේ බලා ඉඳිද්දි මාව වෙව්ලනවා වගේ මට දැනුනා....දෙයියනේ මේකිට කිසි පසුතැවීමක් නැද්ද...

"මට කියපන්....කරුණාකරල තවත් ගින්දර නොදී කියපන්....කවුද ඔය දරුවගෙ තාත්තා කියපන්....කතා කරපන්...."

සියපත්Where stories live. Discover now