56 කොටස

608 104 39
                                    

මං ලන්ඩන් වලට ඇවිත් දවස් තුනක් ගෙවිලා ගිහින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මං ලන්ඩන් වලට ඇවිත් දවස් තුනක් ගෙවිලා ගිහින්...මේ දවස්වල මෙහෙට තියෙන්නෙ වැහිබර කාලගුණයක්....හැමපැත්තම ලා අඳුරක් තියෙනවා ...එලියෙ සීතලයි...ඒ උනත් ගේ ඇතුල නම් හරි සනීපයි...

මේ ගෙදර මහත්තයාගෙ....ඒ කියන්නෙ අපේ....මගෙයි මහත්තයාගෙයි පුතාගෙයි...මහ ලොකු ගෙදරක් නෙවේ....අපිට සුවපහසුවට ඉන්න පුලුවන් බෙඩ් රූම් තුනයි ලිවින්ග් ඒරියා ඩයිනින් රුම් එක්ක කිචන් එක....හුරුබුහුටියි....

මම දැන් මහත්තයා එක්ක නීතියෙන්ම බැඳිලා නේද කියල මතක් වෙද්දි මට හරි අමුතු හැඟීමක් දැනෙනවා....මම පරිපූර්ණයි වගේ....

මහත්තයා මෙහෙ මටයි පුතාටයි ඕනි හැමදේම ලෑස්ති කරල තිබුණා....එයා අපි දෙන්නට ඇඳුම් පවා අරගෙන....ලංකාවෙ වගේ නෙවේනෙ මේ රටවල සීසන්වලට වෙන වෙනම ඇඳුම් ඕනිනෙ....මේ දවස්වල ඉතිං වැහි කාලෙට හොඳ ඇඳුම් තමා...

අයිනියි එයාගෙ වයිෆ් කේරියි හෙට ඇමරිකා යනවලු....කේරිගෙ ෆැමිලි එකත් එක්ක අයිනි අක්කා එහෙ ජීවත් වෙනවලු...එයාලා ගිහාම හෙට ඉදන් අපි තුන් දෙනා විතරයි....ඉස්සර අපාර්ට්මන්ට් එකේ හිටියා වගේ....

"බබා ස්නැක්ස් ටික හරිද...."

"ඕ....මහත්තයා මගෙ කෝක් එක අමතක වෙයි....මට බෑ ඕන් බොන්න දෙයක් නැතුව කොන් වෙන්න...."

"ඒක අමතක වෙන්නෑ බන්....අර අයිනි කේක් එකක් හදන්න දගලනවා....බලපන් පොඩ්ඩක් කරකරගනියි...."

අයිනිලත් හෙට යන හින්දම අද අපේ ගෙදර පොඩි පාටි එකක්....මහ ලොකු පිරිසක් නෑ අඳුරන කීප දෙනෙක් එනවා කියල තමා කීවෙ...කවුද කියල කීවෙ නෑ ආවම බලාගන්නලු....මහත්තයා පාටියට ඕනි දේවල් ගේන්න කියල එලියට යද්දි නිදාගෙන ඉන්න පුතාවත් බලල මම කිචන් එකට ගියා....

සියපත්Where stories live. Discover now