04 කොටස

880 162 42
                                    

අද සිකුරාදාවක් වෙද්දි නංගිත් ඉස්කෝලෙ යන හින්දම උදේ පාන්දරම නැගිටපු මම උයන්න පටන් ගත්තා.....අත්තම්මාත් නැගිටලා පොල් ගාලා ළූණු අනම් මනම් කපලා දීලා උදවු කරා....රකිත් අයියා උදෙන්ම භාජන ටික අරගෙන ආව හින්දා කෑම ගෙනියන එක ප්‍රශ්නයක් උනේ නෑ....

උදේ හතහමාර පහුවෙද්දි කෑම ටික අහුරගත්ත මං අයියලාගෙ ගෙදරට අරන් ගියා....ජෝඩු අයියලා දෙන්නා මිදුලෙ ජම්බු ගහ යටට වෙලා හිටියා....ඒ දෙන්නටත් ගුඩ්මෝනින් කියපු මම කෙලින්ම ගියෙ කුස්සියට....රන්දුණු මහත්තයා තේ බොනවා....රකිත් අයියා පේන්න නෑ....

"ගුඩ්මෝනින් රන්දුණු මහත්තයා....මං පරක්කුද...."

"ම්ම්...ගුඩ්මෝනින් සියපත්....අපි එච්චර උදෙන් කන්නෙ නෑ....ඒ හින්ද උදෙන්ම උයන්න ඕනි නෑ...."

"කොහොමත් උයන්න ඕනිනෙ මහත්තයා....නංගි ඉස්කෝලෙ යවන්න ඕනිනෙ...."

"රකිත්ට අයියා කියනවනම් ඇයි මට අයියා කියන්න බැරි සියපත්....මදිකමක් වගේද...."

"අනේ දෙවියනේ එහෙම නෑ...ඒත් රන්දුණු මහත්තයායි රකිත් අයියායි....නෑ ඕන්නෑ....මම මහත්තයා කියලම කියන්නම්....ඒක පහසුයි අයියා කියනවට වඩා...."

"කැමැත්තක් කැමැත්තක් මට මොකෝ.....හැබැයි සියපත් දන්නවද වැඩක් සාමාන්‍යයෙන් මහත්තයා නෝනා කියල කතා කරන්නෙ කසාද බැඳපු ජෝඩු තමයි....."

"හෑ...."

රන්දුණු මහත්තයා කියපු කතාවත් එක්ක ඒ මොන මගුලක්ද වගේ බැල්මක් එක්ක මම බලද්දි මහ හයියෙන් හිනා වුණු මහත්තයා....

"විහිලුවක් කරේ ලමයො... හොල්මන් වෙලා බලා ඉන්න ඕනි නෑ.....ඔයා කැමති විදිහකට කතා කරන්න....මට කමක් නෑ.....ඒක නෙවෙයි සියපත් නංගි දැන් කීය වසරෙද...."

"එකොලහෙනෙ මහත්තයා....මේ පාර ඕලෙවල්...."

"ඇයි සියපත් ඕලෙවල් වලින් ඉගෙනීම නැවැත්තුවෙ....රිසල්ට් මදි වුණාද ඒලෙවල් කරන්න...."

"ප්‍රතිඵල නම් තිබ්බා මහත්තයා....ඒ උනාට දිගට ඉගෙන ගන්න කවුද වියදම් කරන්නෙ....නංගිට උගන්නන්ඩත් ඕනිනෙ....අත්තම්මාටත් බෑනෙ මොනවත්...."

සියපත්Where stories live. Discover now