18 කොටස

825 137 17
                                    

ඊයෙ නිදාගන්න කියල කාමරේට දිව්වට එක එක විකාර හිත හිත ඉඳලා නින්ද යද්දි සෑහෙන වෙලා ගිහින්....මහත්තයා කාමරේට ඇවිත් මගෙ නලල ඉඹලා ශීට් එක හදලා යනකොටත් මම හිටියෙ ඇහැරලා....හොරාට නිදි වගේ රඟපෑවා....

පරක්කු වෙලා නිදාගත්තට උදේ සුපුරුදු වෙලාවටම නැගිටලා කුස්සියට ගිහින් වතුර එකක් රත් වෙන්න තිබ්බා....මේ ගෙදර උයන පිහන දේවල් මොනවත් නැති උනත් තේ හදන්න හදිසියේ නුඩ්ල්ස් එක්ක හදාගන්න වගේ ඕනි දේවල් තිබුණා....මහත්තයා තවම නැගිටලා නැතිවුණත් මගෙ කෝප්පෙත් එක්කම එයාගෙ සුදු පාට මග් එකත් අරගත්තා....කොහොමත් මහත්තයා නැගිට්ටෙ නැත්තන් ඇහැරවන්න වෙනවනෙ....එයා දවල් වෙනකල් නිදියෑවොත් ඇහැරවන්න කියලනෙ තියෙන්නෙ කාටහරි....ඒ හින්දා දෙන්නටම එකටම තේ හදනවා....හදලා ගිහින් ඇහැරවනවා.....

කිරි හදන්න ඕනි අඩුම කුඩුම ටික ලං කරගත්ත මං වතුර එක රත් වෙනකල් ඒක දිහාම බලා හිටියා....

"අහ්...ක්..ක..."

"ෂ්....ගුඩ්මෝනින් මැණික්...."

වතුර එකේ සිහියෙන් ඉඳපු මගෙ ඉණ වටේ එතිච්ච අත් දෙකක් එක්ක මං ගැස්සිලා හැරෙන්න ගියත් උරහිසට තදවුණු නිකටත් හුරුපුරුදු සුවඳත් එක්ක මම සංසුන් වුණා....එයා මට මැණික් කිව්වා....මම මැණිකක්ද...අපි දැන් ආදරවන්තයෝ නේද කියන හැඟීම මට අමුතුම සතුටක් එකතු කරා වගේම එයාගෙ කතා විලාසෙ මගෙ මූණට ලේ පිරෙව්වා....

"ග්ගුඩ්මෝනින් මහත්තයා....මම තේ හදල ඇහැරවන්න යන්න හිටියෙ...."

"ම්ම්..."

"කෝ ඉන්නකො මම තේ හදල දෙන්නම්....අතනින් ඉඳගන්නකො...."

"මෙහෙම ඉඳිද්දි හදන්න...."

මාව තව ටිකක් තදට බදාගත්ත මහත්තයා මගෙ බෙල්ල අස්සට එයාගෙ මූණම ඔබා ගත්තා....අහ් කිචිනෙ අනේ....කොහොමද මෙහෙම තේ හදන්නෙ....ආදරේ කීවට පහුවදා මේ මනුස්සයා මෙහෙම නම් තව පහුවෙනකොට කොහොම හිටීද කියල මට නිකමට හිතුණා....සියපත් උඹට ගැලවීමක් නැති වෙයි...මමම කරගත්‍ත දේවල්නෙ කියල හිත හදාගත්ත මං ලොකු වලහෙක් පිටිපස්සෙන් එල්ලිලා ඉඳිද්දිම තේ දෙක හදලා ගත්තා....

සියපත්Where stories live. Discover now