41 කොටස

578 97 39
                                    

තාත්තගෙන් ගැලවීමක් නැති තැනයි මමත් යන්න කිව්ව හින්දයි මහත්තයා අද එයාගෙ ගෙදර ගියා....සුද්දිවයි මාවයි හොස්පිට්ල් එක ගාවින් බස්සලායි මහත්තයා ගියෙ....මම වැඩ ටික කරගෙන ත්‍රී වීල් එක්ක යන්න හිටියෙ....ඒ උනාට රකිත් අයියා අපි බහිනකොටත් එතනට ඇවිල්ලා....

"ආ අද බබාගෙ තාත්තත් ඇවිත් ඉන්නෙ....ඒක හොඳයි....මම කොහොමත් තාත්තට කතා කරන්න ඕනි කියල හිතාගෙන හිටියෙ...."

රකිත් අයියත් අපි එක්ක ඩොක්ට හම්බෙන්න ආවා....කීපපාරක් ආව හින්දා ඩොක්ට රකිත් අයියා බබාගෙ තාත්තා කියල හිතාගෙන ඉන්නෙ.... ඒක එහෙම නෙවේ කියාගන්න ඕනි උනත් මං හරි අසරණයි මෙතන....රකිත් අයියට නම් වගේ වගක් නෑ...එයා කොහොමත් අප්පච්චි තනතුර බාර අරන්නෙ ඉන්නෙ.....ඒ උනත් මේ වගේ වෙලාවලට සුද්දිගෙ ඇත්ත දන්න කෙනෙක් විදිහට මට දැනෙන අපහසුව දන්නෙ මං විතරයි....

"මම අම්මව චෙක් කරා....දෙන්නම හොඳින් ඉන්නවා දැන්නම්....අම්මවයි බබාවයි දෙන්නම හොඳට බලාගන්න ඕනි තාත්තා....මම බබාගෙ මාමාටනම් මේක හැමසැරේම මතක් කරනවා....අනිත් අම්මලා වගේ නෙවෙයි තේජනා අම්මගෙ තත්වෙ ටිකක් බරපතලයි....ඩිලිවරි එක උනත් අපි හිතන දවසට වඩා කලින් වෙන්න ඉඩ තියෙනවා....තාත්තා බිස්නස් වැඩ තිබුනට කමක් නෑ අම්මා ගැන සෑහෙන අවදානෙන් ඉන්න ඕනි....මේ කාලෙ තමයි හස්බන්ඩ්ගෙ අවදානෙ වයිෆ් කෙනෙක්ට වැඩිපුරම ඕනි වෙන්නෙ....හැමවෙලේම එයාව සතුටෙන් තියන්න....රිලැක්ස් කරන්න....අනිත් වැදගත්ම දේ පුලුවන් හැමවෙලේම දරුවට ඇහෙන්න කතා කරන්න....දැන් මාස පහත් ඉවර වෙන්න ලඟයිනෙ.....එයාට ඔයාලව ඇහෙනවා....තව ටික දවසකින් අම්මගෙ බණ්ඩියට ගහන්න කරන්නත් ගනී බබා...අන්න ඒ වගේ දේවල් ගැන අවධානෙන් ඉඳල දින සටහන් කරගන්න ඕනි....පලවෙනියටම බබාගෙ චලන දැනුනෙ කවදද වගේ දේවල් අනිවාරෙන්ම සටහන් කරන්න ඕනි...."

ඩොක්ට කියන දේවල් සුද්දිත් අහගෙන ඉන්නවා....විඩෙන් විඩේ ඒ මූණ වෙනස් වෙනවා මට පේනවා....හරි විදිහට දරුවා බඩට ආවා නම් මේ කාලෙ කියන්නෙ රකිත් අයියා සුද්දිව රැජිනක් වගේ බලාගන්න කාලයක් වෙන්න තිබ්බා....රකිත් අයියගෙ අම්මා සුද්දිට හැමදේ ගැනම කියා දෙන්න තිබ්බා....දැන් ඒවා හිතල වැඩක් නෑ....

සියපත්Where stories live. Discover now