17 කොටස

792 139 23
                                    

"සුද්දෝ....ගුඩ්මෝ....කාටද කාටද කිරි හදන්නෙ....මට නේද ඈ....මටනෙ...."

"ඕක මගෙ අත තියන්නෑ....අහකට පල....ගිහින් මූණ හෝදන් වරෙන් රකිත් මල පෙරේතයා වගේ කුණු කෙල පෙරන් නැගිට්ට ගමන් කිරි හොයන්නෙ ..."

"අඩෝ මටත් හදලා දීපන් සුද්දෝ....අසාදාරණකම් එපා....මූණ හෝදන්නෙ මගුලටයැ....කට හේදුවහම ඇති....හිටපන් සුටුස් ගාලා එන්නම්...."

හැමදාම උදේට මා ලවා කිරි එක හදවගන්න කොළඹ මහත්තුරු දෙන්නම දැන් හුරුවෙලා....එක්කෙනෙක්ට විතරක් හදලා දෙන්න බෑ අනිත් කෙනා පැලෙන්න හදනවා.....විශේෂයෙන් රන්දුණු මහත්තයා....එයාට නැතුව රකිත් අයියට මොනවහරි කරල දුන්නොත් බුම්මන් ඉන්නවා වරුවක් එක්කො රවනවා කන්ඩ වගේ....අනේ මන්දා වෙලාවකට මට ඔයාව තේරෙන්නෑ මහත්තයෝ...ඔයා කරන සමහර දේවල් වලින් මට හිතෙනව ඔයාගෙ හිතෙත් මගෙ ගැන හැඟීමක් තියෙනවා කියල....හැබැයි ආයෙම කරන දේකින් එහෙම නෑ කියල හිතෙනවා....මන්දා මට තේරෙන්නෑ....

"සුද්දෝ මගෙ රන්කඳව පරිස්සමට බලාගනින් ඈ....උඹ ඌට අතවර කරනවා එහෙම නෙවෙයි රෑ කරුවලේ....මලක් වගේ රැක්ක අපේ ලමිස්සි ඔය....ඕන් මං නොකීවා කියන්න එපා....රන්කඳට මොනවා හරි වෙලා තිබ්බොත් උඹව අපි ගන්න යන නිදානෙ බිල්ලට දෙන එක දෙනවාමයි ...."

"විකාර කියවන්නෙපා අප්පා අයියෙ....පරක්කු නැද්ද ඔයාට හයත් පහුවෙලා දැනටම....පහහමාරට යනවා කීවෙ...."

"හරි හරි සුද්දා මේ මං ගියා එහෙනම්....රන්දුණුවෝ මං මොකක් හරි අවුලක් තිබ්බොත් කෝලක් දාන්නම්...."

හවස හය පහුවෙනකොට ලෑස්ති උනු රකිත් අයියා වාහනෙත් අරන් කොහෙදෝ යන්න ගියා....ආයෙ එන්නෙ හෙට දවල්ලු....

උදෙන්ම ගෙදර ගිය මං උයල කරලා ගේ අස් කරල දැම්මා....කෝස් එක තියෙන්නෙ සදුඳා සිකුරාදා....පෙරේදා ගිය හින්දා ආයෙ තියෙන්නෙ
අනිද්දා....දවල් වරුවෙ ඒකෙ වැඩ වගයක් කරපු මම හවස් වෙද්දි සුපුරුදු විදිහට උයාගෙන රන්දුණු මහත්තයලගෙ දිහාට ගියා....අද ඉතිං අපි දෙන්න විතරයි....අනේ මන්දා මට අමුතුයි....මගෙ හිතේ තියෙන හැඟීම් හින්දා වෙන්නැති ඒ....තමන් ආදරේ කරන කෙනා එක්ක තනි වෙන්න කවුද අකමැති....

සියපත්Where stories live. Discover now