13 කොටස

817 134 20
                                    

රන්දුණු මහත්තයා සුද්දිට හොයල දුන්න අයි ටී කෝස් එකට සුද්දි ගියෙ ගොඩක් ආසාවෙන්....හරියට ෆෝන් එකක්වත් නැති හින්දා අපි දෙන්නටම ඔය ඉන්ටර්නෙට් සම්බන්ද දේවල් ගැන තිබ්බෙ බොහොම පොඩි දැනුමක්....ගෙදර කම්පියුටර් එකක් නොතිබ්බට අඩුම තැනකට ගිහාම වත් ඒවගෙ වැඩ කරන්න දැනගෙන ඉන්න එක හොඳයිනෙ....

එදා අත්තම්මා මට සැර කරල කීවට පස්සෙ මම ආයෙම සුද්දිව වැරදිලාවත් මා එක්ක මහත්තයලගෙ දිහා එක්කගෙන ගියෙ නෑ.....නිකරුනේ අත්තම්මව කේන්ති ගස්සන්න ඕනි නෑනෙ...අත්තම්මට විඩෙන් විඩේ එන පපුවෙ අමාරුව ගැන නම් මට තියෙන්නෙ පුදුමාකාර බයක්....බෙහෙත් ගත්තට ඒක කොයි වෙලේ එයිද කියල කියන්න බෑනෙ....

"සුද්දි අත්තම්මාට බෙහෙත් ටික දුන්නද....හදිස්සියක් වුණොත් කතා කරන්න හරිද...."

හැමදාම රෑට නිදාගන්න කලින් ඔය ටික මම සුද්දියාට කියනවාමයි....රන්දුණු මහත්‍තයා නම් කීවෙ බෙහෙත් හරියට බොන හින්දා බය වෙන්න එපා කියල....ඒ උනාට අනේ අපිට ඉන්නෙ අත්තම්මා විතරනෙ....ඉතිං බය නොවී කොහොමද....

රෑට නිදාගන්න කියල ආවට හිතේ බය හින්දමද මන්දා මට හරියට නින්ද යන්නෙම නැති තරම්....නින්දගියත් විඩෙන් විඩේට මට ගැස්සි ඇහැරුණා....

අදත් ඒ වගේම නින්ද නොගිය දවසක්.....රෑ කෑම ගෙනිච්ච වෙලෙත් මම රන්දුණු මහත්තයා එක්ක මේ ගැන කතා කරා....වෙන කාට කියල කියන්නද....එකාතකට ඒ ගොල්ලො අපේ ගෙදරට ආව එක මොනතරම් දෙයක්ද....ඒ ගොල්ලො ආව හින්දා මොනතරම් දේවල් වෙනස් උනාද....අපිට මොනතරම් දේවල් හම්බුනාද.....අත්තම්මාගෙ ඇස් පෙනීම උනත් සනීප කරගත්තෙ මහත්තයා හින්දනෙ....නංගිගෙ ඉගෙනීම මගෙ ඉගෙනීම අපේ කෑම බීම මේ හැමදේම හොඳ අතට හැරුනෙ ඒ ගොල්ලො ආව හින්දා....

"සුද්දයියෙ අනේ අත්තම්මා පපුව රිදෙනවා කියනවනෙ...."

යාන්තම් නින්දයාගෙන එද්දිම මට ඇහැරුනේ සුද්දි කතාකරන සද්දෙට...වෙලාව බලද්දි රෑ දොලහට කාලයි....දඩි බිඩි ගාලා ඇඳෙන් බැස්ස මං එහෙමම දිව්වෙ අත්තම්මගෙ කාමරේට....

"අත්තම්මෙ....අත්තම්මෙ....අනේ සුද්දයියෙ මොකද කරන්නෙ...."

සුද්දිට දැම්මම ඇඬිලා තියෙද්දි ටෝච් එකක් ගත්ත මං කඳුලු පෙර පෙරම රන්දුණු මහත්තයා හොයාගෙන දිව්වා....

සියපත්Unde poveștirile trăiesc. Descoperă acum