1975 දෙසැම්බර් - chapter 1

77 12 5
                                    

මාස දහතුනකට පසු දෙසැම්බර්....

" මොකද කියන්නෙ එයාල..? "

" අන්තිම ගාන ඩොලර් අසූදාහලු... මං ඇහුවා ඊට වඩා අඩු කරන්න බැරිද කියලා...."

" ඉතින්..."

" ඊට වඩා අඩු කරන්න අමාරුයිලු... ඊට වඩා තවත් දෙයක් තියෙනවා"...

" මොකක්ද ඒ "

" ඔයාට මතකද මීට අවුරුද්ද කට කලින් ලොකු මිනී මැරුමක් උනා ලෝන්ග් අයිලන්ඩ් වල....?
අර ඩිෆෝ කියලා පවුලක් ම මරලා දාල තිබ්බෙ එයාලගෙ ම ලොකු පුතා..."

" ආ අර එක ම පවුලෙ හය දෙනෙක් ව මරපු එක ගැනනෙ ඔය කියන්නෙ.... "

" අන්න හරි "

" ඉතින් ඒකෙයි මේකෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද "

අපි ගන්න ඉන්න ගෙදර තමයි ඒක වෙලා තියෙන්නෙ.... "

" ඔහ්...මොකක්.... කවුද ඔයාට ඒක කිව්වෙ ජිසා....

"බ්‍රෝකර්වරයා ම තමයි ජිමින් කිව්වෙ.... මිනිහා ඔය විස්තරේ කියලා මගෙන් ඇහුවා මොකද කියන්නෙ ' ගේ ගන්න අදහස අත් ඇරගත්තාද කියලා...."

" ඉතින් ඔයා මොකද කිව්වෙ "

" මං කිව්වා මටනම් ඕක ප්‍රශ්නයක් නෙවෙයි... ඒත් කෝකටත් මම ඔයාගෙනුත් අහලා බලන්නං කියල... "

" මටත් ඉතින් ඕකෙ ඇති දෙයක් නෑ.... ඒ ගේත් ලොකුයි, තැනත් ලස්සනයි , ගානත් සාදරනයිනෙ..."

" ඒක තමයි.... අපි එහෙනම් වචනයක් දෙමු..."

ජිමින් පාර්ක් හා ඔහුගේ බිරිඳ යූජිසා අතර මේ කතාබහ ඇති වූයේ අලුතෙන්ම නිවසක් මිල දී ගැනීමට ඔවුන් විසින් සිදු කරන ලද විපරමේදීය. නිවාස හා දේපළ බ්‍රෝකර් කෙනෙකු මාර්ගයෙන් ඔවුන්ට ඇමිටිවිලා නිවස ගැන දැනගන්නට ලැබුණේ, විකිණීමට ඇති නිවෙස් ගැන සොයා බැලීමේදීය.

ජිමින් හා යූජිසා සතුව ඔවුන්ගේම නිවසක් තිබුණ ද, මේ වන විට ඔවුන්ගේ අදහස වූයේ එය විකුණා දමා වෙනත් පළාතකින් නිවසක් මිල දී ගෙන අලුත්ම අලුත් ජීවිතයක් ඇරඹීමටයි.

ජිමින් සහ යූජිසා 1975 ජුලි මස විවාහ වූ යුවළකි. යූජිසා ඉන් පෙර විවාහ වී සිටි අතර,  ඒ විවාහයෙන් ඇයට සොක්ජින් පාර්ක් හෙවත් ජිනී (අවු.9පිරිමි ) ජන්කුක් පාර්ක් හෙවත් කුකී (අවු.7පිරිමි) මුන් සන් පාක් හෙවත් මිසී ( අවු. 5ගැහැනු) ලෙසින් දූ පුතුන් තිදෙනෙක් වුහ. ඔවුන් ද විසුවේ යූජිසා සමඟය. මේ ඇරෙන්නට ඔවුන්ට හැරී නමින් ලැබොඩෝ වර්ගයේ බල්ලකු ද විය.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now