chapter 67

39 13 2
                                    

තවත් දිනක් ගෙවි ගොස් රාත්‍රිය උදාවිය. දැන් දැන් රාත්‍රිය ළඟාවන්නේ සියුම් තැති ගැත්මක් ඔවුන්ගේ සිත් වලට ළඟා කරවමිනි. සියලු භූත බලවේගයන්ට රාත්‍රියේ දී පණ ලැබෙන සෙයකි.

නිදි දෙව්දුව තුරුලට වැදීමට ජිසා හා ජිමින් සමත් වූයේ විනාඩි ගණනාවක් එහා මෙහා පෙරළි පෙරළී සිටීමෙන් අනතුරුවය.

" පපර පෑං...පපර පෑං... "

ගෙය දෙදරුම් කන ට්‍රම්පට් හඬකින් ජිමින් ගැස්සී ඇහැරුණි.වෙලාව කියදැයි බැලීමටවත් ඔහුට අවශ්‍ය නොවීය. මන්ද එය අනිවාර්යයෙන්ම පාන්දර 3 විය යුතු බව ඔහු නිසැකවම දන්නා බැවිනි. ඒ දැන දැනත් ඔහුගේ නෙත් ඉබේටම ඔරලෝසුව දෙසට හැරිණි. තම සිතුවිල්ල නිවැරැදි බව ජිමින්ට පැහැදිලි විය. ට්‍රම්පට හඬට මුසුව බෙර හඬක් ද දැන් දැන් ඇසෙයි.

'' ඒ පාර මොකක්ද?..."

ජිමින් කාමරයෙන් පිටතට ආවේය. පහත මාලයේ තුර්යවාදක කණ්ඩායමක් සිය පසතුරුගොස පතුරුවමින් අඩි තබන හඬ දැන් මැනවින් ඇසේ. එය විය නොහැක්කක් බව ජිමින් හොඳින්ම දනී. එහෙත් කෙසේ නම් මේ ගැන නෑසු කන්ව සිටින්නද? ජිමින් සෙමෙන් පහත මාලයට බැස්සේය. සාලයේ කිසිවෙක් නැත. එහෙත්, ජනෙල් දෙකක අගුල් කැඩී එල්ලෙමින් තිබිණි. දිවා කල බිත්තියේ එල්ලූ කුරුසය මෙවර ගලවා විසි කොට තිබුණේ එහි කොත් හතරම අඹරවා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට නොහැකි ලෙසිනි. ජිමින්ගේ දෙනෙතට පහත මාලය ලක්වනවාත් සමඟම තූර්යවාදන ඝෝෂාව නැවතී පැතිරුණු දැඩි නිහඬතාව බිඳී ගියේ ජිසා ගේ කටහඬිති.

"ජිමින්..."

ජිමින් ඇය දෙස බැලුවේ පරාජිතයකු සේය.

" අද මොකක්ද උනේ?"

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now