chapter 41

38 15 0
                                    

" දැන් කියන කොටනං මටත් අමුත්තක් දැනෙනව......... ඔයා එක කීවම මටත් දෙයක් මතක් උනා........ "

"ඒ මොකක්ද ? "

" එදා ෆාදර් මේ ගෙදර බ්ලෙස් කරන්න ඇවිත් ගියාට පස්සෙ, එයා මට ෆෝන් එකෙන් කතා කලා........ "

" ඉතින් "

" එයා මගෙන් ඇහුව මැහුම් ගෙතුම් වලට ගත්ත කාමරේ පාවිච්චි නොකර ඉන්න පුළුවන්ද කියල....... එහෙම පුළුවන්නා හොඳයි කිව්ව........ .. "

" ඔයා ඇහුවේ නැත්ද ඒකට හේතුව ? "

ජිමින්ගේ මුහුණ කල්පනාකාරී බවක් ඉසිලීය.

" දැන් තමයි මටත් මේව ඔළුවට එන්නේ.......මං ඇහුවා..... ඒක කියන්න හදනකොටම ලයින් එක කට් උනා....... "

"ආයෙ කතා කළේ නැ ? "

" නෑ........ ඒත් දැන් මට හිතෙනව ආපහු කතා කරල බලන්න.. "

මේ නිවසේ යම් අද්භූත බලවේගයක් ඇති බව සනථ කරවන ඔවුන් සියල්ලෝම ඇසු දුටු අත්දැකීම් අනතුරුව ඔවුන්ගේ මාතෘකාව විය. ඒ  බිත්ති වලින් හා යතුරු සිදුරෙන් ගැලූ කොළ පැහැ දියරය ගැනයි. මේ සියලු කතාබහෙන් අනතුරුව ජිමින් හා ජිසා තීරණ දෙකකට එළඹ තිබුණහ. එනම් ජිමින් නැවත දේවගැතිවරයාගෙන් නිවස ගැන විමසීම් හා ජිසා , මේ නිවස පිළිබඳ වැඩි දුර තොරතුරු සොයා ගැනීම යන තීරණයි. එම තීරණවලට එළඹීමෙන් පසු ඔවුන්ගේ සිත් වලව යම් පමණක සැහැල්ලුවක් ලැබෙමින් පැවැතිණි.

✞  𝗔𝗠𝗬𝗧𝗜𝗩𝗜𝗟𝗟𝗘 ✞ 𝐁𝐓𝐒 𝐕𝐞𝐫𝐬𝐢𝐨𝐧 ▮✓✓▮Where stories live. Discover now